
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 77 සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කළ අතර පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ ඒ පිළිබඳව නිරීක්ෂණය කළේය.
පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතා ඩිජිටල් කිරීම පිළිබඳව විස්තරයක් ජනපතිට ඉදිරිපත් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 , ජයගමු සංකල්පය අනුව යමින් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කෙරුන පළමු අවස්ථාව මෙය බව එජාපය පවසයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය බිංදුවටම විනාශ කරලා දැන් ඩිජිටල් කරලා කවදා ගොඩ එන්නද? මිනිස්සු දැන් ඩිජිටල් දියුණුයි. හැමදාම රවට්ටන්න බැහැ. රනිල් කවදාහරි රාජපක්ෂලාගෙන් ඉවත්වෙලා ඔවුන්ගේ හොරකම්, දූෂණ, මිනීමැරුම්වලට දඬුවම් දුන්නු දවසක් ආවොත් පක්ෂය ගොඩ ඒවි..!
ඩිජිටල්ද මැන්ටල්ද මන්ද
පෘථිවිය මතට පා තැබුවානම් මීට වැඩි ප්‍රශ්න මිනිස්සුන්ට තියනවා කියලා වැටහෙයි...