(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) රාත්‍රීයේ එවා ඇත.
ඔහු මෙම ලිපිය එවා ඇත්තේ සිංගප්පූරුවේ සිටය.
රටේ ඇතිවූ කලබලකාරි තත්වය හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් වී දිවයිනේ ආරක්ෂක ස්ථානයක රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ ද ආරක්ෂකයන් දෙදෙනකු ද සමග ගුවන් හමුදාවේ විශේෂ යානයකින් පසුගිය 12 වෙනිදා මාලදිවයිනට පිටව ගිය අතර මාලදිවයිනෙන් පිටවී සිංගප්පූරුවට පැමිණියේ අද පස්වරුවේය.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාගේ සහ නීති අංශවල විමර්ශනයට ලක් වෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර අභිනව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අදාල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවශ්‍ය තීරණ ගැනෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතානායකවරයාට එවා ඇති එම ඉල්ලා අස්වීමේ ලිපියේ මෙසේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ජයගන්න සේවයක් කරපු කෙනෙක් විදියට මෙතුමාව ආරක්ෂා කරගැනීම ලාංකිකයින්ගේ වගකීමක්... ජනාධිපතිකම දැරීම සහ අතහැරීම නිසාම මෙතුමාට රටේ ජීවත්වීම අහිමි කිරීම ඉතා නින්දිතයි...!
අරගලයට ජයවේවා...!
ඒක වැරදීමක් ද දන්නෙ නෑ?.
මදැයි කළා.. ඔන්න රනිල් අතිගරු ජනාධිපතිතුමෝ...! දැන්නම් ළඟදීම අකුලගෙන යන්නයි වෙන්නේ...! මම හිතුවේ කවදා හරි එනකල් වැඩබලන්න ලැබෙයි කියලා... දැන් මොකක්ද අඹරන ගැටේ..?
එහෙනම් සින්ගප්පුරුවෙදි යන්න ඔන රටට වීස ලබෙන්න අති?
රාජ්‍ය නායකයකු රට බාර ගන්නවිට හෝ රට නැවත බාර දීමේදී ලිපිය "සූම්" තාක්‍ෂණයෙන් හෝ තැපෑලෙන් ලියුම එවලා රට බාරදිය නොහැක... එවැනි වගකීම් පත්‍රයක් අත්සන් කරන විට රාජ්‍ය නායක ලේකම්තුමා හා ජනාධිපති නීතීඥතුමා ඉදිරිපිට එය අත්සන් කර භාර දිය යුතුය...! මෙයින් අවබෝධ වන්නේ කුමක්දැයි ඔබට තේරෙන්න ඕනි...! එනම් තවම පුටුව මාරුකර නැත..! මෙහෙම හිතන්න.. විදෙස් ඇමති කෙනෙක් රාජ්‍ය කටයුත්තකට ජිනීවා විදේශයකට ගිහිල්ලා එනකොට ඒ තනතුර ඔබතුමාට දැන් නැහැ කියලා කිව්වොත් අපිට ඔබතුමා අත්සන ගහලා එවපු ලියුමක් තැපෑලෙන් ලැබුනා කීවොත් පිලිගන්නවද..??
ස්තූතියි ගෝඨාභය මැතිතුමනි. ප්‍රමාද වී හෝ මහජනයාට කණ්දුන්නාට.
මම අද සිට සිංහල නෙමෙයි.
කතාව සත්‍යයක් නොවේ කියලයි හිතෙන්නේ...!
අද දවාලෙත් මේක සංසරණය වුණා අත්සන නැතිව...!
දැන් ඉතින් මේ රට ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස යහපත් මාර්ගයක ගමන් කිරීමට හොඳ අවස්ථාවක් තියෙනවා. රාජපක්ෂලා විසින් ඇතිකරනු ලැබූ නරුම දේශපාලන සංස්කෘතිය මේ රටින් අතුගා දැමීමට කාලය හරි. අරගලයට එක්වූ සැම දෙනාටම අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවිය යුතුයි..!
අවලාද නඟන්නන් කුමක් කීවත් එතුමාගේ හෘද සාක්ෂිය ලිපිය පුරා ඇත. තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි...!
ලියුම ලියලා තියෙන විදියෙන්ම හිතාගන්න පුළුවන් වැඩ කරපු විදිය කොහොමද කියලා... පහ වසර ළමයෙක්ට කිව්වා නම් ඔයිට වැඩිය ලස්සනට ලියලා දෙයි.
මේක අර ශෙයාර් වෙච්ච් බොරු ලියුමනේ. වෙනස අත්සන විතරයි...
විද්‍යුත් තැපෑලකින් ලියුමක් එතුමාම එව්වා කියන්නේ කොහොමද? මුරවචනය හොරකම් කරලා එතුමාගේ තැපැල් ගිණුමෙන් එව්වා වෙන්න පුළුවනි. ඇත්ත ලියුම තැපෑලෙන් ලැබෙන කල් විශ්වාස කරන්න එපා. අර ගැසට් එකත් එතුමාම අත්සන් කරලාද කියන්න බැහැ..!
ලියුම හරි කියලා බාර ගත්තොත් රනිල් මාසෙකට පූර්ණ බලතල වගේ ජනාධිපති වෙනවා. නොදුන්නොත් ගෝඨාභයගේ ඉතිරි කාලයට වැඩබලන ජනාධිපති වෙනවා.
ඔබට වැරැදුණයි 69 ලක්ෂයේ සුබසාධනය බලනවාට වඩා එක්තරා දූෂිත කිල්ලියකගේ මනදොළ පුරවන්නට, අයථා ලෙස මුදල් හම්බ කරන්නට අනුබල දීමට ක්‍රියාකිරීම නිසයි... ඉහිරුණු කිරට හඬලා දැන් වැඩක් නැහැ. ඔබට තෙරුවන් සරණයි..!