
(අංජුල මහික වීරරත්න)
ලෝකයේ තරඟකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2023” අමතමිනි.
දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දීම මෙන්ම ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සේවා සඳහා අන්තර්ජාතික තලයකදී තරඟ කිරීමට වේදිකාවක් නිර්මාණය කර දෙමින් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනය වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රි ලංකා අංශය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන දේ නොකරන, කරන දේ නොකියන... බලය ඇතිවිට මොලය නැති... මොලය නැතිවිට බලය ඇති..., ඔය දෙකම නැතිවිට වාරු නැති... වැලටත් නැති, ගහටත් නැති, මුලටත් නැති 8 වැනි පින් ජනපති...!
හොඳයි ජනාධිපතිතුමා, හැබැයි ICTA එක නම් ළඟකටවත් ගන්න එපා. ඔබතුමා කිව්ව විදිහට අවුරුදු 20ක් ගිහිල්ලත් ඔය ආණ්ඩුවේ කන්තෝරුවට ඵළදායි වැඩක් කරන්න බැරි වුණා. කෝටි ගණන් වියදම් කළා අපරදේ. තවමත් විද්‍යුත් හැඳුනුම්පත දී ගන්න බැරිවුණා. ඉතින් තව මොනවාටද ඕවා නඩත්තු කරන්නේ...?
සභාවෙන් සිනහා! සභාවෙන් තදින් සිනහා !! සභාවෙන් නොනවත්වා සිනහා!!!
මෝඩ පිස්සෙක් !!!
අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ, 6 පාරක් අගමැති, කරපු දෙයක් නැහැ මෙයා...
ඔය රහස් මෛත්‍රීට කියන්න. අපිට ඕවා මොන්ටිසෝරි කතා විතරයි.... දැන්නම් මෙයා කප් එක ගහයි වගේ...