(නිමල කොඩිතුවක්කු)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට තමන් සහයෝගය පළ කරන බව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා ලංකාදීපයට අද(4) පැවැසීය.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් කරුණු පිළිබඳව ඇතිවූ විශ්වාසය මත තමන් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය.
අජන්ත ද සොයිසා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විශ්වාසෙ ඇතිවෙන්න ඇත්තේ මාස කීපයකට කලින් වෙන්න ඕන නේද? ඒ මොකද ඒ ගොල්ලෝ ඇප බඳින්න සල්ලි දෙන්නෙම ඒ ගොල්ලන්ට විශ්වාසය තහවුරු වුනාමනේ.
කොහොමටත් ආවේ ඒ වැඩේටනේ.
එහෙම කෙනෙක් ගැන මේ ඇහුවාමයි. ලැබෙන සහයේ තරම කොහොම වෙතත් එක ඡන්දයක් නම් ස්ථිරයි.
මෙහෙම සහයෝගය දෙන එක හොඳයි. හැබැයි නාම යෝජනා දෙන්න කලින්ම තීරණය කළා නම් වඩාත් හොඳයි. මෙහෙම අපේක්ෂකයෝ වැඩිවෙන නිසා අමතර මුදලක් වියදම් වෙනවා කියලා මැකෝ කියනවා. ඡන්දෙට යන අමතර වියදමෙන් සියයට දහයක්වත් මෙයාගෙන් අයකරගන්න ඕනේ. මොකද මේවා ජනතාවගේ මුදල්.
තමන්ගේ ගෙදර ඡන්දවත් නැති මනෝ විකාරෙන් පිරුණු තවත් කෙනෙක්.
ඉදිරියේදී ඇප මුදල වැඩි කළොත් හොඳයි.
ඡන්ද කොලේ දික්කරපු අය තමයි.
මෙයාලගේ පක්ෂ අවලංගු කරන්න ඕන.
එක ඡන්දෙනෙ අඩු වෙන්නේ. කම්කරු රස්සාවක් දෙන්න පුලුවන් දින්නම.
මෙයා කව්ද?
රටට සේවය කරන්න බොරු ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ඕනෑම නැහැනේ. අපේක්ෂකයෙක් නොවී ඉන්න එකම එක්තරා විදියකට සේවයක්... මොකද මැතිවරණ වියදම සෑහෙන්න අඩුවෙනවා. එ්ක පිනක්...
ඇත්තෙන්ම මේ අයට ලොකු දඩ මුදලක් නියම කරන්න ඕන.
මගේ තැපැල් ඡන්දය හංසයාට නොදී ඔබතුමාට ලබා දුන්නා. දැන් ඔබතුමාත් සජිත් මහතාට සහාය දෙනවා. අන්තිමට ලබා දුන් ඡන්දය අපතේ යෑමක් පමණයි සිදු වුණේ.
මෙහෙම අයද ජනපති අපේක්ෂකත්වයට ඉල්ලන්නේ?
මේ වගේ කඩේ යන අය නිසා මෙදාපාර ඡන්ද කොලේ දික් ගැස්සුණා. ඡන්ද පෙට්ටි ගාන වැඩිවුණා. මේ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙවල්වලට තැපැල් කරන්න තවත් ගාණක් වැයවුණා. ඡන්ද ප්‍රකාශ කරන්න දීපු කාලය දික් ගැස්සුණා. ඒවායේ රාජකාරි කරන අයට ගෙවන අතිකාල වැඩි වුණා... මේ ඔක්කොටම යන සතයක් පාසා වැය කරන්නේ අපේම බදුවලින්... එහෙම දේවල් වෙන්න ඇරලා නාමයෝජනා බාරදීලත් දැන් රට වෙනුවෙන් කියකියා තමන් කඩේ යන අපේක්ෂකයාගේ වේදිකාවට ගොඩවෙනවා. මේ අයගෙන් වැය වෙච්ච අපේ බදු සල්ලි ආයෙත් අය කරගන්න දඩ ක්‍රමයක් නැත්ද?
ජයවේවා..!!! ඔන්න සජිත්ට තවත් ඡන්දයක් වැඩිවෙලා..
මෙයාට ඇති ඡන්ද පදනමක් නැත..
මේ වැනි අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතුයි. නැවත කවදාවත් මැතිවරණයකට ඉදිරිපත් නොවිය හැකි ලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර, මැතිවරණ කටයුතුවලදී දැරීමට සිදු වූ වියදම් ඔහුගෙන් අයකළ යුතුයි.
ඔබව ජනාධිපති කරවීමට ජනතාව කොතරම් පෙළගැසී හිටියාද? ඔබ අපගේ බලාපොරොත්තු කඩකර දැමුවේ ඇයි?
බලන්න කොච්චර වැරදි වැඩක්ද මෙයා කරන්නේ? මේ අය ඇවිත් විකාර ඡන්දෙ ඉල්ලන නිසා බිලියන ගණන් වියදම් වෙනවා. ඡන්දෙ ඉල්ලා ඇත්තේ වෙනත් න්‍යාය පත්රයකටයි. නඩු දාන්න ඕනේ.