IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රින් වෙස්ට් මහත්මිය ඊයේ(22) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ඇති හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජය සමග කටයුතු කිරීමට එක්සත් රාජධානි රජය සූදානම් බවද වෙස්ට් මහත්මිය පැවැසුවාය.

එසේම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර දිගු කාලීන මිත්‍රත්වයක් මෙන්ම සමීප ආර්ථික සබඳතාවක් තිබෙන බවද පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා එම සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජය සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site