(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව ,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වෙයි.
යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
පුනරීන් නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 5 වැනිදා සහභාගී වීමට නියමිතව ඇති අතර අනතුරුව පුනරීන් හි කාන්තා ව්‍යවසායක කජු කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට නියමිතය. මෙදින ජනාධිපතිවරයා පුනරින් ලන්දේසි බලකොටුව නිරීක්ෂණයටද සහභාගී වෙයි.
මෙම සංචාරය සඳහා ජල සම්පාදන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා,එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිවෙලා හරි ගොඩ දාන්න බැරි උන ජොනි බට්ටෙක්වත් පෑගෙවා.......
උතුරේ ජනතාව වත් රටට සහනය ගෙන දෙන්න උදව් කරාවි කියලා ප්‍රාර්ථනා කරනවා.
දාන සෙල්ලම් ඔක්කොම දාගන්න. තව බොහොම ටික දවසයි තියෙන්නේ... විලි ලැජ්ජාවක් නැහැ.
උතුර, දකුණ මාරුවන දවස නම් බොහෝම ළඟයි.