(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වේ.
රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .
මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම පැවති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තේරනව නේද මේක ආණ්ඩුවක් නොවේ, මේක පවුලක්. ජී එල් එම පවුලේ පඹ සභාපති සහ සාගර කාරියවසම් එම පවුලේ පඹ ලේකම්. ජොනී, ප්‍රසන්න, දිනේෂ්, රත්තරන්, මහින්දානන්දලා එම පවුලේ වැට. නමුත් මහින්දානන්දට සහ ජෝනීව දැනට පැත්තකට තල්ලු කරලා.
රටින් හොර රහසේ පැනලා යන විදිය ගැන සාකච්ඡා කරන්න ඇති.
මේක රාජාණ්ඩුවක් කියලා හිතනවද මන්දා.සාකච්චා කල යුත්තේ පාර්ලිමේතුව සමඟ නැත්නම් අගමැති සහ ජනාධිපති .කොහොමද පවුලක් සාකච්චා කරන්නේ රටේ ප්‍රශ්න .නමුත් පුද්ගලික ප්‍රශ්නයක් නම් අපි කාටවත් අදාළ නැහැ