(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී වැය කිරීමට අපේක්ෂා කරන මුදල 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.
මේ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්ෂ 68ක්ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා කීවේය.
හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 757 ක මුදලකි.
මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පවසන වසන්ත අතුකෝරළ මහතා හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල ලබන වර්ෂයේදී ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී වැඩි වන්නේ සියයට 14 කින් පමණක් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවට සාපයක් වෙලා භත්වලාමේ...!
හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට සියයට 45ක වැඩිවීමක්. ගුරුවරුන්ගේ වැටුප වැඩි වන්නේ සියයට 14 කි.
මේක අනාගතයේ දී ප්‍රශ්නයක්. ජනාධිපතිවරු වැඩි වෙනවා... වියදම් වැඩි වෙනවා. දවසක ආරක්ෂක වියදමත් ඉක්මවාවි මෙයාලාගේ වියදම. මේක වහාම නැවැත්විය යුතුයි. අවශ්‍ය නම් අනෙකුත් රාජ්‍ය සේවකයින්ට වගේ විශ්‍රාම වැටුපක් දුන්නාම ඇති...!
කිසි කෙනෙකුටවත් පඩි වැඩිවීම් අවශ්‍ය නැහැ. පඩි වැඩිකරන්න බදු වැඩි කරලා මහජනතාව පීඩාවට පත් නොකරන්න. කරනවා නම් එක් වරක් පමණක් දීමනාවක් ගෙවා සියලුම ගෙවීම් අවසන් කරන ක්‍රමයක් හඳුන්වා දෙන්න.
දැන් බලාගෙන ගියාම රට බංකොළොත් කරපු උත්තමයින්ටත් පෙන්ෂන් ගෙවන්න වෙලානේ...! තව ටික කාලෙකින් පඹයින්ටත් පෙන්ෂන් දෙන්න වෙයි...
පාරට බහින්න වෙලාව ඇවිත් තියෙන්නේ, ඔය හතරෙන් දෙන්නෙක් රට බංකොළොත් කෙරුවා... ඒ අයට අපේ බදු සල්ලි දෙන්නේ කොහොමද? පිටිසර මිනිස්සු කිලෝමීටර 4, 5 යනවා... වතුර කළයක් ගේන්නේ. ඒ මිනිස්සුන්ගේ වරමින් තනතුරු අරගෙන මේ වගේ සල්ලි අරන් පහසුකම් විඳින්නේ මොනතරම් ලැජ්ජාවක්ද? අවසානයේ තීන්දුව දෙන්නේ සොබාදහමයි... මතක තියාගන්න.
මේ විහිළු ළඟදීම ඉවර වෙනවා. මොවුන්ගේ බෙදාගැනිල්ල කොච්චරද කියලා පේනවනේ? අනිත් එක සේවය අත්හැර ගිය ගෝඨාභයට කොහොමද දීමනා දෙන්නේ... මොවුන්ගේ වැඩවලදී නීති මොනවත් නෑ. සාමාන්‍ය මනුස්සයෙක් අර්ථ සාධකේ ගන්න ගියත් අවුරුද්දක් විතර බඩගාන්න ඕනෑ.
හිටපු ජනාධිපතිවරුන්ට අයවැයෙන් වෙන්කරනවට විරුද්ධව.. ජවිපෙ ගෙනාපු යෝජනාවට ඡන්දෙ දෙන්න හිටියේ ඒ තුන්දෙනා විතරයි... සජිතුත් මාරුවෙලා ගියා..
රටේ දුක් විඳලා ඉගෙනගෙන යම් උගත් කමක් තුළින් රැකියාවක් කරලා හම්බ කරන මිනිස්සුන්ගේ පඩියෙන් බලහත් කාරයෙන් බදු කියල විශාල හුරාකෑමක් කරනවා.... කිව්වේ අවුරුද්දක් විතරයි එහෙම ගන්නේ කියලා. දැන් අවුරුද්ද පහුවෙලා මදිවට අයකර ගන්නවයි කියපු මුදල් ප්‍රමාණයත් ඉක්මවා ගිහින් හුරගෙන ගිහින් මදිවට සද්ද නැතුව තවත් දිගටම කපාගෙන යනවා. ඒ වගේම අදායමක් නැතුව බොහෝම අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සුන්ගෙන්ම තමයි වැට් බදු, අර බදු, මේ බදු කියකියා මුදල් හූරාගන්නේ. ජලාශ වැහි වතුරින් පිරිලා, උතුරලා ගියත් විදුලිය භාරව ඉන්න මිනිහා හැමදාම කියන්නේ ඒකෙන් බිලියන අච්චර පාඩුයි, මෙච්චර පාඩුයි බිල හැමදාම නග්ගන්න ඕනැයි කියලා. ජාවාරම් කාරයින්ගෙන් එළවලා ගිහින් බදු අයකර ගන්නේ නැහැ. මේ ඔක්කෝම ජරා වැඩකරලා මහ ලොකුවට අන්තිමට රට හදන්නයි කියලා එකතුකර ගන්න සල්ලි ටික මේ වගේ මිනිස් වෙසින් ජීවත්ව ඉන්න මළගිය පෙරේතයින්ට දොළ පිදේනි දෙන්න විශාල කොටසක් වෙන් කරනවා. කතා කළොත් අර ළඟදී මොකද්ද බහුබූත පොතක් ලියපු ආර්ථික ඔස්තාරයා කියන්නේ ආපෝ ඒක මේ සුළු වියදමක්නේ ගණන් ගන්න එපා කියලා. මේක නම් මහ කාලකන්නි රටක් වෙලා. මොන යකාටද මේ අවනඩුව කියන්නේ...?
බලයේ හිටපු කාලෙත් හොඳටම හොරාකාලා සැප වින්දා. පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගත්තා. තවත් මොකටද දූෂිතයින්ව නඩත්තු කරන්නේ? සමහර දූෂිත පවුල් පාලනේ බලලෝභී කාලකන්නි දේශපාලුවෝ රටට කරපු විනාසේ හැටියට වෙන රටක නම් මේ වෙනකොට හිරේ දාලා...
පසුගියදා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වා හිටපු ජනාධිපතිවරු නැවත මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කළ යුතුයි. ඒක හොඳ යෝජනාවක්. පාර්ලිමේන්තුවේ සිටින හිටපු ජනාධිපතිවරුන්ට දිය යුත්තේ එක වැටුපයි.
විශ්‍රාමගිය ජනාධිපති කෙනෙකුට තමාගේ නිවසක් නොමැති නම් පමණක් රජයෙන් නිවසක් දෙන්න.. අනිත් කරණය ඔහු හෝ ඇය විශ්‍රාම ගොස් සිටින නිසා මෙම නිවාස අනිවාර්යයෙන්ම කොළඹ 7 තිබෙන්න අවශ්‍ය නැහැ.. ජනාධිපතිවරණයට ඔහු ඡන්දෙ ඉල්ලූ දිස්ත්‍රික්කය තුළ නිවාස දෙන්න...
ඔය නාකි නඩේ. හොරා කාපුවා මදි නිසාද. මේ තරම් මුදලක් දීලා නඩත්තු කරන්නෙ ඔවුන්ට ලාඩන් ගහලා. දත් සෙට්ටක දාලා. පන්සලක් ලගින්. කාමර කෑල්ලක් අරන් දෙන්න නැතිනම් හමාස්ලට භාර දෙන්න මේ වගේ . උන්ව. භා ර දෙන්න ඕන නඩත්තු කරන්න. මුන්ගෙ වගේම පපුවක් තියෙන උන්ට කුලියට මිනි මරලා. දැන්. නඩත්තු කරනවා. ජනතාව බඩ ගින්නෙ. රනිල් එලවලා අනුර කුමාර ගේනාවම බලා ගන්න පුලුවන්. කොහොමද රගේ කියලා. හිර කූඩුවේ ඉන්න ඕන. උන් ටික. රනිල් ව තමයි රට පෙරලුන ගමන් අත් අඩංගුවට ගන්න ඕන
අපි තවත් බදු වැඩි කරලා ඔහුනට සහනයක් වෙමු
NPP ආණ්ඩුවක් එන්නම ඕන මේ වගේ වියදම් නැති කරලා දාන්න
මෙයාලාට නම් හොඳක් සිදුවෙන්නේ නෑ. අනිත් අයට නම් කමක් නෑ කියමුකෝ.. රට නන්නත්තාර කළ අයට මොනවටද දෙන්නේ...!
තවමත් සේවයේ සිටිමින් රජයේ වැටුප් ගන්නා දෙදෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මොකටද? එනිසා මෙතෙක් ගෙවූ සියලු මුදල් ආපසු ගත යුතුය ඉදිරියටත් නොගෙවිය යුතුයි කාටවත් වැටුප් හා දීමනා දෙවරක් ගෙවීම ජනතා මුදල් නාස්ති කිරීමක් කියන්න පුළුවන්...!