(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන්ව න බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අනුව ඡන්දය විමසීම අවසන්වී සතියක් යනතුරුම මහජන රැලි හෝ රැස්වීම්පවැත්වීම හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරීම අපේක්ෂකයන්ට සහ ආධාරකරුවන්ට තහනම් වෙයි.
අද මධ්‍යම රාත්‍රී 12 න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරනන්ට රුපියල් පනස්දහසක දඩයක් සහ මාසයකට නොඅඩු සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ නියම කළ හැකි බව මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය. තහනම් කාල සීමාවේදී ප්‍රචාරක කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන බව ද ඔහු කීවේය.
ඡන්ද විමසීම ඇරඹීමට පැය 48 කට පෙරාතුව ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගත යුතු බව ආචාර ධර්ම මාලාවේ පැහැදිලිව සඳහන්වේ.
එම නිහඬ කාල සීමාවේදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සංගීත සංදර්ශන වැනි දෑ පැවැත්වීම සහ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා
දැන්වීම් ප්‍රකාශයට පත් කිරීම යනාදී කාර්යයන් ද අත්හිටුවිය යුතු බව ද එහි දැක්වේ.ළියන්දළ නගරයේදී අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින දේශපාලන ක්‍රමයට කෝපය සාධාරණ වුවත් එය පදනම් කරගෙන වාමාංශික ත්‍රස්තවාදීන්ට බලය දුනහොත් කෙටි කලක් තුළ ජනතාවගේ ජීවත්වීමේ අයිතියද අහිමි වනු ඇත. ඉවසා ඉවසා බැරිම තැන දැඩිව ඉවසීම ජනයාගේ සුබසිද්ධියට හේතු වනු ඇත. හැඟීම් වලට වහල්ව ත්‍රස්තවාදීන්ට හිස එසවීමට දීමේ බරපතල විපාක දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවද අත්දැක ඇත...