(හර්ෂණ තුෂාර සිල්වා)
මෙරට නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක් කර ඇත.
දෙරටේ ප්‍රගතිය උදෙසාත් ද්විපාර්ශවීය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගැනීම උදෙසාත් ශ්‍රී ලංකා රජය සහ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් චීනය තවදුරටත් සඳහන් කර තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුවෑන්ග් එසේ පැවැසීය.
“ශ්‍රී ලංකාව සාර්ථකව ජනාධිපතිවරණය පැවැත්වූවා.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අප අපේ සුබ පැතුම් එක් කරනවා.
චීනය සහ ශ්‍රී ලංකාව යනු උපාය මාර්ගික පාර්ශවකරුවන් වන අතර දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගය සහ සදාතනික මිත්‍රත්වයක් ද තිබෙනවා.
ගෞරවය, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් නව නායකත්වය සමඟ කටයුතු කිරීමට අප සූදානම්. විශේෂයෙන්ම තීරයක් මාවතක් (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) ව්‍යාපෘතිය යටතේ කෙරෙන ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ව්‍යාපෘති කරමින් සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් දෙරටට ඉමහත් ප්‍රගතියක් ගෙන ඒමට අප සූදානම්. එමෙන්ම රටවල් දෙකටත් දෙරටේ ජනතාවටත් වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ගෙන ඒමටත් අප සූදානම්”.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එම කරුණු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉන්නේ චීන තමයි. අපි චීනෙට! චීනෙ අපිට !
අපේ නව ජනාධිපතිට චීනයෙන් සුබ පැතුම් එවීමට ටිකක් පමා වුනා නොවේද? අපේ රටට ඔතරම් හිතවත් යයි කියන චීනය උදාසීන නොවී මුලින්ම එතුමාට සුබපැතුම් එවුවානම් චීනාගේ අවංකකම අපට පෙන්වීමට තිබුන අවස්ථාවක් ඔවුන් විසින්ම නැතිකර ගත්බව මින් පේනවා. ඉන්දියාව චීනයට වඩා ඉක්මන්වී ජනාධිපති රාජපක්ෂ මහතාට සුබපැතුම් එවීමේ රහස කුමක්ද ?
චීන කම්කරුවන් ලංකාවට ගෙනෙන එක හා වැඩ බිම් වල චීන භාෂාව අංක එකට දමා පුවරු හදන එක නවත්වන්න .