(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (11) පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ කාලසීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සංවිධානය සජිත්ට නම් දෙන්න එපා. එයා ගෙනා විශ්වාස භංග, දෝශාභියෝග සේරම පරාදයි.
වාහන පර්මිට් එක දුන්න ගමන් ඕක විශ්වාස භංග ලෙෆ්ට්...
අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ...
ඔන්න කරලා පෙන්නන්න පුළුවන් නම් නියම වැඩක්
එච්චර දෙයක් කරන්න තරම් පිටකොන්දක් ඔයගොල්ලන්ට තියෙනවා නම් මොනවා කරන්න බැරිද? අනික කීයටවත් ඔවැනි දෙයක් ඔයගොල්ලන් නොකරන බවත් හොඳාකාරවම අපි දන්නවා. අපිව ගොනාට අන්දවාගෙන අපිට තණකොළ කවමින් රට සූරාගෙන කාපු එක පමණයි ඔයගොල්ලන් කලේ. අපේ රට අපිට අහිමි කළා. අපේ රට ඉන්දියාවට, චීනයට, බංගලි දේශයට පවා උකස් කරලා අන්තිමට මහපාරට ඇදල දැම්මා .