IMG-LOGO

‘ජනාධිපති වාහාම අස්වියයුතුයි‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වාහාම ඉවත්විය යුතු බවත් ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලික සම්මුති ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද (11) පස්වරුවේ පැවසීය.

ජනාධිපතිවරයා ඉවත්වීමත් සමඟ තාවකාලික ජනාධිපතිවරයෙක් පත්කර මසකට පසුව නව ජනාධිපතිවරයෙක් පත්කළ යුතු බව කී කුමාර් ගුණරත්නම් මහතා ඉන් පසුව මාස හයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවල සහභාගිත්යෙන් තාවකාලික අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද සඳහන් කළේය.

රට මුහුණ දී සිටින ගැටලුකාරී තත්වයෙන් මිදීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය යෝජනා හතක් ඉදිරිපත් කරන අතර තාවකාලික සම්මුති ආණ්ඩුව යටතේ හදිසියේ ගතයුතු ක්‍රියාමාර්ග ද ඉදිරිපත් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා නුගේගොඩ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.  

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය. 



අදහස් (7)

‘ජනාධිපති වාහාම අස්වියයුතුයි‘

susantha Wednesday, 11 May 2022 04:03 PM

ව්‍යවස්ථානුකූලව එහෙම ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ කොහොමද කියන්නකෝ මහත්තයෝ? ව්‍යවස්ථාවට පිටින් කරන දෙයක් වලංගු වෙන්නේ නැහැනේ... පස්සේ කාලෙක ඒවා ඔක්කොම නීති විරෝධී කියලා නඩු දාන්න පුළුවන්.. ලෝකයේ කවුරුවත් එකඟ වෙන්නේ නැහැනේ.

:       3       27

de silva Wednesday, 11 May 2022 04:09 PM

මෙම පක්ෂයේ නායකත්වයට ධනවාදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ද්විත්ව පුරවැසි කුමාර් ගුණරත්නම්ට වඩා පුබුදු ජාගොඩ සුදුසු බව මගේ අදහසය.

:       3       17

Siri Wednesday, 11 May 2022 06:24 PM

තවත් කොටියෙක් හඬනගයි.. ප්‍රවේසම් වෙන්න. ඉතිහාසයේ රජවරුන් තුන්වරක් විටින් විට පාවාදුන්නේ අපේ අයමයි.

:       0       7

ගමේ එකාලා Wednesday, 11 May 2022 06:27 PM

මුලුමහත් රටේ ජනතාව විතරක් නෙවෙයි, පිටරට වල ජීවත්වෙන ලාංකිකයින් පවා එක හෙළාම කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. දූෂිත රාජපක්ෂලා අද ලෝකෙම අපකීර්තියට ලක්වී හමාරයි.

:       7       1

JanitWednesday, 11 May 2022 07:50 PM

ජෙප්පෙක් නේද ඔයා...?

:       1       6

සෙනෙවි Wednesday, 11 May 2022 07:17 PM

පිටරටවල පුරවැසියන්ට ඕන පාලකයින් අපේ රටට අවශ්‍ය නෑ...

:       0       5

Janit Wednesday, 11 May 2022 07:48 PM

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගිය එක ගෘෘප් එකක්. මිනිස්සුන්ට බල පෙරේතයින් ඇඳිනගන්න පුළුවන් අවස්ථාවක් මේක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 553 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 978 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site