
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පැවැත්විණි.
වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය.
මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තක්කඩි සංගමයත් එක්ක කතා කළාට කමක් නැහැ. හැබැයි කියන ඒවා කරන්න එපා. ඔය අයගේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ පළමුව සංගමය නොවෙයි එහෙම නම් කමක් නැහැ කියමු. තියෙන්නේ තමන්ට කත් අදින අයට බෙදිල්ල, දෙවනුව තෙවනුව බැංකුව. තමන් තොරාගත් අයට උසස්වීම් ගන්න හැකිවෙන විදියට විභාග සුදුකම් වෙනස් කිරීම, බැංකුවල ලොක්කන් බයකරගෙන තමන් තෝරාගත් අයට උසස්වීම් දෙන එක. බැංකුවේ යහපත, මූල්‍ය තත්වය ගැන නොසිතා තමන්ට ලකුණු දාගන්න වරප්‍රසාද අරගෙන දෙන එක. ඒවගේ දේවල්. ඔය සංගමය කරපු අමන වැඩ නිසා බැංකු කීයක සේවකයින් මානව හිමිකම් නඩු කියනවාද? ඔය සංගමය ගණන් ගන්න එපා... ඔයාලා ස්ට්‍රයික් කළත් ඒක පවතින්නේ නැහැ. සේවකයො එතැන නැහැ..!
බැංකුවල උසස්වීම් දෙනකොට සංගමයට හිතවත් ලැයිස්තුවක් සහ පාලකයින්ට හිතවත් ලැයිස්තුවක්යන දෙක මත උසස්වීම් දීලා බහුතරයට අසාධාරණකම් කරන තක්කඩි සංගමය, ඔය අය කියන ඒවා හොඳ ඒවා වෙන්න බැහැ...!
කාලකන්නි මහජන මුදල් මංකොල්ල කන්න කල්ලි ගැහිලා රට නැත්තටම නැතිකර දමපල්ලා...!