
(ඉන්දිකා රාමනායක)
පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්ට පහරදී අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.
අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන් පන්නා දමා සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර , ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ඇතිවූ ගැටුමින් ආරක්ෂක අංශවලින් පහරකෑමට ලක් වූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් අද අළුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන්ට පහරදී ඔවුන් එම ස්ථානයෙන් පලවා හැර ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී අරගලකරුවන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි .
ගාලුමෝදරට පිවිසෙන මාර්ග සියල්ලම පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මේ හේතුව නිසා අරගලකරුවගේ සහයට කිසිවකුටත් ගාලුමෝදර දක්වා ගමන් කිරීමට නොහැකි විය.
මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවෝ චෝදනා කළහ .
පිරසට පහර දෙන ආකාරය අරගලකරුවන් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර ඇත.
-------------------------------------------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 6.15
ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත
(ඡායාරූප ඉන්දිකා රාමනායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කොච්චර කළින් කරන්න තිබුණු වැඩක්ද මේක? 88-89 මේ අය හමුදාවල පවුල් පිටින් මැරුවා... අපේ අලුත් හමුදා විරුවන් ඒක දන්නේ නැති නිසා කිව්වේ... ඔය කට්ටිය තවමත් එහෙමම තමයි.
වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද? ඒ පරණ එක... අලුත්ම එක... ගෙට ගිනි තියාගත්තු කෙනාට රට ගිනි තියන එක කජ්ජක්ද?
අන්තිමට ඔතෙන්ට ගියෙ 9. එදා එද්දි අපි කතාවුනේ ඉස්සරහට කේසේ වේද කියල. අපේ එකෙක් කිව්ව ඕං බලපං මචං අපි ඉඟුරු දීල මිරිස් නෙවෙයි ගත්තෙ පතෝල දීල මිරිස් කියල
ගාලු මුවදොර සිටි අරගලකරුවන් අයින් කරන්න හමුදාවට , පොලිසියට ඇති අයිතිය මොකක්ද ? ඕනෙම රටක පුරවැසියන්ට උත්ගොෂණය කරන්න අයිතියක් තියනව , එම ප්‍රදේශය උත්ගොෂණ කරීම සඳහා වෙන්කර දීපු ස්තනයක් . ලනක්වේ දැන් තියෙන්නේ හමුදා පාලනයක්ද ? ලෝක ප්‍රජාව ( විශේෂයෙන් ණය අදාර දෙන අය ) මේ ගැන අවදානමෙන් සිටී
ලොක්කා එහෙනම් නැග්ග ඉනිමගට පයින් ගැහුවා. ඔහොම යං...!
දැන්වත් මැතිවරණයක් තියලා ජනතාවට තම මතය ප්‍රකාශ කරන්න ඉඩදීලා රටට යහපතක් සිදුකරන්න.
නියමයි.. මේක කළින් කරන්න තිබ්බේ... රස්තියාදුකාරයින්ට සෙල්ලම් දාන්න දෙන්න එපා.. ගහලා එළවන්න.
කාලකන්නින් ට තව තවත් කොටි ඩයස්පෝරාවෙන් , NGO , සහ වෙනත් අන්තවාදී කණ්ඩායම් වලින් කකා රට විනාශ කරන්න දෙන්න බෑ
තාම ඉන්නේ,ගෝඨාභය කියලා හිතාගන ඉන්න ඇති...!
රටට ආදරය බව පෙන්නා විලාප හතේ විලාප දුන්, රටේ දේපල කඩා බිඳ විනාශ කලේ "මේක අපේ රට " කියූ අය දැන් කෝ? කලහකාරී ත්‍රස්තක්‍රියා සංවිධානය කරමින්, ලක්ෂ ගණන් වියදම් කර කුලියට ගත් නරුමයින් මේ තරුණ පිරිස්වලට වගකියනවා...
මෙම මෙහෙයුම සිදුකළ යුතුව තිබුණේ මීට පෙරයි. එසේ කළා නම් අපටත් මීට වඩා සුරක්ෂිතව ජීවත්වීමට හැකියාව තිබුණි. දැන් තමාගේ නිවස තුළට වී, සවස 5 වනවිට දොරගුළු දමාගෙන රැය පහන් කිරීමට සිදු වී තිබෙන්නේ සොර සතුරන්ට බියෙනි. කැලෑ නීතිය රජ කරන, ජනාධිපති මන්දිරයට පවා බලහත්කාරයෙන් කඩාපැන්න රටක වෙනත් දෙයක් බලාපොරොත්තු විය හැකිද?
අට පාස්...
කරපු වැඩේ නම් නියමයි. මීට කළින් ගහලා පන්නන්න තිබ්බේ. මේක විකාරයක් කරගත්තානේ... දැන් ඕවාට ගැහුවා කියලා මිනිස්සු එන්නේ නැහැ ආපහු.. ඕනෑ නම් ඔය NGO ටිකක් කෑගහයි... නීතීඥවරුන් ටිකක් එක්ක.. එච්චරයි.
මේ අහිකුණ්ඨික ජනපදය ඉවත් කිරීමට පියවර ගත් ආරක්ෂක බල ඇණි වලට මගේ ස්තුතිය....!
මිනිස්සුන්ගේ පීඩනය ඉස්සරහට දාලා මේ අයගේ යටි අරමුණු වෙනුවෙන් රටම අවුල් කරපු NGO කාක්කන්ට, JVP සහ අන්තරේ අයට, පාදඩයින්ට, සමහරක් චීවරධාරීන්ට, ඩිමාන්ඩ් නැතිවෙලා හිටපු පට්ට ගැහිච්ච අයට උත්තරේ අවසානයේදී ඔවුන්ගේම අරගලෙන් ලැබිල තියෙනවා...
මරු වැඩේ වුනේ , ජනාධිපති මන්දිරේ හිටපු JVP කාරයෝ ටිකටයි UNP සෙට් එකයි රනිල් ඉල්ලීමට හිමිට මාරු වෙලා , ගෝට ගියගමන්ම වගේ මුස්‌ලිම වුනුයි ඩයස්පෝරාවේ වුනුඉ අඩු වුන. අඩු උනා . ඉතුරු වෙලා හිටිය ගංජා ගහ ගහ . ෆ්‍රී බත් පැකට් එතන පදිංචි වූනු අවස්ථාවාදී මී හරක් සෙට් එක විතරයි . මේ මෝඩ මීහරක් එක්ක මොන අරගලද බන්
නියමයි, ගහලා පැන්නද?
කොයිම දේත් ඕනෑවට වැඩිය ඕනෙ නැහැ කියන්නෙ ඕක තමයි. ගෝට කලේ ගහන්න ගහන්න වැදගෙන හිටිය එක. රනිල කලේ ගහන්න කලුන් හොම්බට දෙකක් ඇනල ඔඇත්තකට කරපු එක. ඒ අතින් ගෝට ග්‍රේට්
අපිට පාරක පයින් යන්නත් නැහැ... හැමතැනම විනාශයි. මොවුන් මේවා ඔවුන්ගේ පුද්ගලික දේවල් කරගන්න තැන් කරගෙන...
මුදලට අඬන බලකාය එළි බැහැලා...!
රටක වැඩක් කරන්න දෙන්නැති උන්ට ඔහොම තමයි සසලකන්න ඕන. ගෝඨාභය කියන මිනිහ තමයි මේ රට කෑවේ.
මෙය මීට වඩා ගොඩක් කළින් කරන්න තිබුණ දෙයක්.. දැන් ඉතින් ආර්ථිකය ගොඩගන්නත් මේ විදිහට හිතලා බලලා වැඩ කරන්න. කොහොම වුණත් මේ සෙට් එකට නම් ඔතැනට එන්න දෙන්න එපා...
මේ සිද්ධිය වුනේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ මිස "ගෝඨා ගෝ ගම" නෙවේ නේද?. ප්‍රහාරය සිදුකර ඇත්තේ හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් බවත්, ඔවුන් අසභ්‍ය වචන භාවිතා කළ බවත් දැන් වාර්තාවෙලා තියෙනවා. හමුදාවේ කිසිවෙක් ක්‍රියාන්විතයකදී කිසිකලෙකත් ඒ ආකාරයට වචන භාවිතා නොකරන බවයි කියන්නේ. ප්‍රහාරයෙන් පසු හමුදාවේ දාහකට කිට්ටු පිරිසක් එම ස්ථානයේ බලය තහවුරු කරගන්නා ලද බවත් එම වාර්තා වල සඳහන් වෙනවා.
ලස්සනට මේක ලියල තියෙන්නේ ..."පිරිස ඉවත් කරයි"
අපේ රට කන ස්ට්‍රයික් කාරයන් ගැනත් සලකලා බැලුවොත් හොඳයි.
රනිල් ආපු ගමන් වැඩ පටන් අරන්.
ඉස්සෙල්ලා මුං ටික බාබර් සාප්පුවකට අරං ගිහිං කොණ්ඩ රැවුල් කප්පවලා පරිණාමය කරලා ගන්න ඕන. මුංගේ මූණු දැක්කම රටට කේසේ වෙතත් අපිටත් වගතුවක් නැත.
ඔකතමයි උඹලගේ පිහාටුත් ලස්සනයි, කට හඬත් ලස්සනයි කියා කියා හිටියට උඹලාට දුවන්න පුලුවන්ද කියලා බලන බව අපි දැනගත්තා. වෙලාව ආවම නාකිරැල ඔය කියන තරුණ රැළට දුවන්න පුලුවන්ද කියලත් බැලුවා.
හිතක් පපුවක් නැති කාලකන්නි තිරිසනුන්ගේ වැඩ.නිරායුද අරගලකරුවන්ට පහර දෙන එක කිසිම සිස්ට සම්පන්න රටක් අනුමත කරන එකක් නැහැ.
කුලියට like දාන හමුදාව වැඩ පටන් අරගෙන
ඇති කියන්නේ ඇති...!
එතන හිටිය මනුස්සයින්ට අඩන්තේට්ටම් කරලා ඉවත් කෙරුවට රටේ ප්‍රශ්න තාමත් එතැනමයි නේද?
අපිට ඇඳුම අදාළ නැහැ වැඩේ සිද්ද වුණානම්. මේ ක්‍රියාත්මක වුනේ අරගල ගෝ හෝම් ගියා නේද...?
මේ පිරිස ඉවත් කිරීම ගැන හමුදා අංශවලට අපගේ ආචාරය...
නිරායුධ අරගල කරුවන්ට ආණ්ඩුවේ මැර හමුදාවන් නොසෑහෙන්න පහරදීලා ඉවත් කරගත්තු හැටි ලෝකෙම දැක්කා...
අවනීතියට ඉඩදිය යුතු නැත. එය හොඳින් හෝ නරකින් විසඳිය යුතුයි... ආරක්ෂක අංශ වෙත අපේ ප්‍රණාමය...