
(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි.
සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 25 - 30 පඩි ලබපු රැකියා කරපු අය ඒවා දාලා එන්නේ ඊට වඩා වැඩි පඩියක් ගෙවන නිසා වෙන්න ඇතිනේ කොහොමත්. එතකොට එහෙම අති විශාල පඩි ගෙවන්න කෝ ජනාධිපති වැය ශීර්ෂයට සල්ලි? එක්කො කොමිස් මුදල් වෙන්න ඕනෑ. නැත්නම් චීනා පඩි ගෙවනවා වෙන්න ඕනෑ. කෙසේ වුවත් ආණ්ඩුවට ගොඩක් දේවල් ජනතාවගෙන් වසන් කරන්න තියෙනවා වගේ...
පාසල සදහන් කිරිමේ ඇති විශේෂත්වය මොකක් ද? අඩුම තරමින් උපාධියක්වත් ලබාගත් විශ්වවිද්‍යලයේ නම සදහන් කලා නම් කමක් නෑ. කරුණාකර පාසල් අතර වෙනස්කමක් නිර්මාණය කරන්න උත්සහ දරන්න එපා. එය පාසල් අතර තරගය ඉහළ දමා ඒ සම්බන්ධ වෙනත් දූෂිත ක්‍රියා ඇතිකිරීමට හේතු විය හැකිය.
හොඳ පත්වීමක්....... අද බොහෝ එෆ්එම් සේවා උදේ සිට රෑ වෙන තෙක් කරන්නේ අසන්නන් ගෙන් මුදල් එකතු කර ගැනීමයි. ඒ එස්එම්එස් ක්‍රමයට යි. ඉඳහිට කාට හෝ ත්‍යාගයක් දෙනු ලබයි. ත්‍යාගයන් ලබා ගන්නා අය අදාල රේඩියෝ වට පිං පමුණුවා එය ලබා ගනියි......... දිනකට කොතරම් මුදලක් හොයා ගන්නවා ඇත්ද ! ....... මිනිසුන් ගෙන්ම හොයා ගන්නා මුදල් ත්‍යාගයත් දෙන්නේත්, ප්‍රජා සේවයන් කරන්නේත් එෆ්එම් කම්පැනියෙන් දෙන විදියට ය. එය ඉතා අසාධාරණ ය. උදේ සිට රෑ වෙන තෙක් කරන්නේ අපව ඇන්දවීමය.
ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මරදාන ඉඳලා බොරැල්ලට ගියා නම් ඔය ඉස්කෝලේ අයගේ හැටි බලාගන්න පුලුවන්. හමුදා නිලඇඳුමේ උෂ්ණයට පාර බදු අරන් අහිංසක මිනිස්සුන්ට හයිකාරකම් පෙන්නන හිස් මිනිස්සු තමයි. කොහොමත් ජනාධිපතිගේ බැරිකම කිංස්ලිගේ වැඩවලින් නම් වහගන්න බැරිවෙයි.
එක්තරා ඇමතිවරයෙක් ඊයේ කියලා තියෙනවා " පොදුජන පෙරමුණේ සියලුම දෙනා චීනයේ පුහුණුවීම් සඳහා යොමු කරනවා" කියලා. මොකද්ද දන්නේ නැහැ දෙන්න යන පුහුණුව.... ජනාධිපති මාධ්‍ය ප්‍රධානී තනතුරට මේ ළඟදී පත්කළ කෙනා ඊට කලින් "මාධ්‍යවේදීන් 2000 ක් පමණ දෙනෙකුට චීනයේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදුන් බවත් එම පත්වීම සඳහා චීන තානාපති වරයා බලපෑම් කළ බවත් " අන්තර්ජාලයේ පලවී ඇති ලිපියක සඳහන් වෙනවා. රත්නායක මහතාටත් ඒවගේ අවස්ථාවක් ලැබෙයිද දන්නේ නැහැ...
ඒ ගැන ලිව්වොත් කඩදාසි හිඟයක් ඇති වේවි..!!!
ජනාධිපති අනුශාසක ලෙස ඥාණසාර හාමුදුරුවෝ ගන්න බැරිද?
කිංස්ලි ඔබත් එහෙනම් මැදමුලන මඩ ගොහොරුවට බැස්සා..? මට අවංකවම ඔබ ගැන දුකයි මිත්‍රයා.
ඔය කවුරු දැම්මත් ආයේ පාස් කරන්න බැහැ. හෝඩියේ ඉඳලාම එන්න වෙනවා.
ජනාධිපතිතුමාට අනුශාසක තනතුර බලාපොරොත්තු වන අය තමයි ඔය.
මධ්‍යස්ථ විද්‍යුත් මාධ්‍යයක් වශයෙන් තිබුණා.. නමත් දැන් ඉතින් ඉවරයි. සෑම ආණ්ඩුවකම කිසිම බයක් නැතිව, කාටවත් කඩේ නොයා අඩුපාඩු පෙන්නලා දුන්නු මාධ්‍ය ආයතනයක් මෙවැනි තත්ත්වයට පත්වෙයි කියලා හිතුවේ නැහැ. කිංස්ලි රත්නායක ආණ්ඩුවේ පත්විමක් ගත්තා කියන්නේ දැන් ඉතින් ආණ්ඩුවේ අඩුපාඩුවක් ජනතාවට දැන ගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා.
එහෙනං ඒකත් දෙපානේම දාගත්තා...
තවත් ලයිසන් ගත්තු ලොන්ඩරියේ කෙනෙක්...
ජනාධිපති වටේ ඉන්න බෝර්න් එගේන් අය නම් මොහුට මේ තනතුර දෙන්න මූලික වුනේ ජනාධිපතිට පරිස්සම් වෙන්න වෙයි
මේවා රජයේ මුදල් නිසා රජයේ ආයතන වලින් පත් කල යුතුයි.