(තිලිණි ද සිල්වා)
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයට පත් කරනු ලැබ ඇත.
ජනමාධ්‍ය ක්ෂේත්රයේ දශක හතරක අත්දැකීම් සහිත සමරනායක මහතා ජනමාධ්‍ය වෘත්තීයට පිවිසියේ “දවස පුවත්පතේ කර්තෘවරයෙකු ලෙසිනි.
ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙසද සේවය කළ ඔහු පසුව වසර පහක කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති අධ්යක්ෂ ධූරය හෙබවීය.
අනතුරුව සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප්රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස දිගු කාලයක් කටයුතු කළේය.ඉන්පසුව නැවතත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට පත් කරනු ලැබීය.
සමරනායක මහතා ජනාධිපති ප්‍රකාශක තනතුරෙහි වරක් සේවය කරනු ලැබීය.
මොහාන් සමරනායක මහතා ඊයේ (25) සිට නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැනක්....
දැන් මොහු නියම දැනුම අවභාවිත කරන්නෙක් නම් මොහු ළග කිසිම ස්වාධීන විග්‍රයන් නැහැ.
අලුත් අදහස් තියෙන නව මනුස්සයෙක් නැද්ද මේකට දාගන්න? මේ යල්පැනපු කෙනා වෙනුවට
සුබ පැතුම්
හොඳ දැනුමක් තියෙන මහත්මයෙක්. ලංකාවේ දේශපාලකයන් තරම් ප්‍රසිද්ධ නැතුව ඇති. මොකද හොඳ බුද්ධිමතෙක් නිසා. රට වෙනුවෙන් ඔබ ඔබගේ උපරිමය කරනවා අනිවාර්යයෙන්. තෙරුවන් සරණින් හොඳ අනාගතයක් ඔබට සහ රටට.
සුදුස්සාට තැන ලැබුණා. සුභ පැතුම්
ඔහු හොඳ දැනුමක් ඇති මිනිසෙක්. පාට කණ්නාඩි ගලවා බලන්න.
වැදගත් මහත්මයාගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව ට අවැඩක් නොකරන ලෙසය. උගත්කම ජනතාව "ගොනාට අන්දන්න" භාවිත නොකරන්න. ඔබට සුභ පතමි !