
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ එල් රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නේය.
ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
අවශ්‍යතා පරිදි මුදල් වරින්වර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අනතුරුව දීර්ඝව සාකච්ඡා කෙරිණ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් වෙන්කරනු ලැබ ඇති මුදල රුපියල් කෝටි 1000 කි.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය මේ මස 30හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
එම දිනය සම්බන්ධයෙන් කොමිසම සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්සේ නැහැ හරි බැහැ හරි කියලා කියපල්ලා බලන්න ?