IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ජනාධිපති කතාව ධනාත්මකයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ සමස්ත කතාවම  ඇසු විට එය ධනාත්මක හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නමුත් දේශපාලනයේ කතා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙන බව කී විපක්ෂ නායකවරයා සමස්තයක් විදියට කතාවේ අඩංගු වූ කරුණු ධනාත්මක බව කීය. කතාවෙන් කී දේ යථාර්ථයක් වේ යැයි හිතමු යැයි සඳහන් කළ ප්‍රේමදාස මහතා සර්වපාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ද කතාවෙි ප්‍රතිපාදන සකස් වී තිබෙන බව පැවසීය.

ඇමැති කටු සූප්පු කර අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි හිතනවා නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් බවත් කී විපක්ෂ නායකවරයා එවැනි දෙයක් ජනාධිපති කතාවෙි අඩංගු නොවීම ගැන සතුටු වන අතර ඒ ගැන  ධනාත්මකව හිතන්නට හැකියාව තිබෙන බවද කීය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කථාව අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

ජනාධිපති කතාව ධනාත්මකයි

kamal Wednesday, 03 August 2022 04:31 PM

කතාව දෝලාවෙන් ගමන හොම්බෙන්. තාමත් කතාවලට රැවටෙන උන්ට අනාගතයක් නැහැ.

:       22       8

Surain Wednesday, 03 August 2022 04:35 PM

විපක්ශ නායක තුම කිදේ එලෙසම දෙන්නෙ නැතුව ඔබට ඔන විදියට තෙරුම වෙනස් කරල දාන එක වැරදියි නේද?

:       8       5

චන්දන Wednesday, 03 August 2022 06:31 PM

ඊළඟ ඡන්දෙදී මෙයාට විපක්ෂ නායක කමත් නැතිවෙනවා..!

:       6       6

chandima Thursday, 04 August 2022 12:42 AM

මෙයා ධන ඍණ දන්නෙ නැහැනෙ.

:       1       2

Demuni Uduwara Thursday, 04 August 2022 06:32 AM

Sajith is yet to learn Ranil !

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site