IMG-LOGO

ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්‍ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය.

මැතිවරණ සම්බන්ධයෙන් නඩු ආවම යම් යම් තීන්දු දීලා අපරාදේ මැතිවරණයක් තියන්නේ කියන කාරණය එහිදී ජනාධිපතිවරයා කියන්න උත්සහ කළේ යන ගැටලුව මතු වන බව කී ඩිලාන් පෙරේරා මහතා අනියම් විදියකට බලපෑමක් කළා ද, විධායකට අධිකරණයට බලපෑම් කරන්න පුළුවන් ද, යන ගැටලුව මතුවන බව ද සඳන් කළේය.

එහි සිටි ඇතැම් විනිශ්චකාරවරුන් මැතිවරණයට සල්ලි දෙන්න කියලා තීන්දු දීපු විනිසුරුවන් බව කී මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ සියයට 50 ප්‍රකාශය කිසිඳු සත්‍යයක් නොමැති ප්‍රායෝගිකව බොරුවක් බවත්ය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් තිබුණොත් ආණ්ඩු පක්‍ෂයට සියයට 20 ක් සහ විරුද්ධ පක්‍ෂයට සියයට 80 ක් ඡන්ද ලැබෙන බවත් ජනාධිපතිවරණයේදී සියයට 80 යම් යම් කොටස්වලට කැඩෙනවා කියලා හිතාගෙන ජනාධිපතිවරයා කිසිවෙක්ට සියයට 50 ක් නොලැබෙන්නේ යැයි කියන බවත් ඒ මහතා කීය.

‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (09) එසේ පැවසීය.

 



අදහස් (4)

ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි

de silva Friday, 09 June 2023 06:24 PM

මිස්ටර් කින් කියලා එයාට කිව්වේ ඉස්සර... දැන් එහෙම නැහැ... ඕනම ජරා වැඩක් කරනවා.

:       6       8

Rata Perata Friday, 09 June 2023 10:58 PM

ඔහෙලට සැක වුණාට අපිට නම් කිසිම සැකයක් නෑ. හිටපු අයත් කළා. ඉන්න කෙනත් කරනවා. අධිකරණයත් නමනවා. ඕක තමයි ඇත්ත.

:       0       5

Yogananda D.N. Saturday, 10 June 2023 06:39 AM

මේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට කරන්න බැරි පිරිමියෙක් ගැහැණියක් කිරීමත් ගැහැණියක් පිරිමියෙක් කිරීමත් පමණමයි කිව්වේ ව්‍යවස්ථා නිර්මාපකයා බව මේ හාදයා නො දැනද මේ කටමැත දොඩවන්නේ...? දැන් ජනාධිපතිතුමාට අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තු ගැලරිය විසුරුවන්න පුළුවන් කියලා සිහිතබා ගත්තොත් හොඳයි...

:       0       4

HELAYA Saturday, 10 June 2023 12:43 PM

අධීකරණයේ ඉහළම තනතුර දරපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක නෝනා... පාර්ලිමේන්තුවට ගෙනැල්ලා අපහාස කරලා එළවනකොට නිදියගෙනද හිටියේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site