
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට වින කළ පොලිස්පතිවරයා ජනවරමේ බලය පාවිච්චි කරමින් ඉවත් කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
මේ වන විට එහි මූලික පියවර තබා ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා ඕනෑවටත් වඩා කරුණු පවතින බව සඳහන් කළේය.
මෙවැනි දූෂිත නිලධාරීන් තවදුරටත් තබාගත යුතු නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
දේශබඳු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව කථානායකවරයාට බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයෙන් පහකර අයථා උපයාගත්තු සියලුම දේවල් රාජසන්තක කරන්න ඕනෑ..
පාස්කු ප්‍රහාරය ගැන වගකීම් පැහැර හැරි පොලිසි උත්තමයා නම් ආපහු සේවයේ, මොකෝ එතුමා මේ ආණ්ඩුව ගේන්න වැඩ කොටසක් කළානේ නේද...?