IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනතාවට බොරු සිහින පෙන්වන්න එපා

(යොහාන් භාසුර)

වත්මන් පාලකයන් රට පරිහානියට පත්කරමින් සිටින අතර රට හිඟාකන තත්වයට පත්වෙන නායකයො පිරිසක් පත්ව සිටින බවත් කොළඹ වරාය දික්ඕවිට දක්වා දික්කරන්නේ යැයි ජනාධිපතිතුමා පැවසුව ද ඒවා කළ නොහැකි සිහින පමණක් බවත්  මැල්කම් කාදිනල් රංජීත් කොළඹ අගරදගුරු තුමෝ  අද (2) පැවසූහ.

වර්තමාන පාලකයන්ට දැන් තියෙන වාරායවත් පාලනය කිරීමට නොහැකි නිසා එක එක රටවල්වලට විකුණන බව කී කොළඹ අගරදගුරුතුමෝ ඔවුන්ගේ ඉලක්කය සමස්ත පමුණුගම තීරයම පිටරටින්ට විකුණලා ඒවායෙන් කාලා බීලා ජොලි කර ඔවුන් මැරීගිය පසුව රටේ මිනිසුන්ට රොඩු පමණක් ඉතිරි වන බව ද සඳහන් කළහ.

මෙහෙම ගියොත් 2048 ක් වන විට රට විනාශ වන බවත් ජනාධිපතිතුමා ජනතාවට බොරු සිහින නොදිය යුතු බවත්  අගරදගුරුතුමෝ වැඩි දුරටත් සඳහන් කළහ.

 

 



අදහස් (7)

ජනතාවට බොරු සිහින පෙන්වන්න එපා

Perera Sunday, 02 July 2023 11:55 PM

මහනායකලට නැති කොන්දක් මෙතුමට තිබීම ගැන සතුටුයි.

:       0       0

Nimal jayasiri Monday, 03 July 2023 08:48 AM

මොකක්ද මේ මිනිහට වෙලා තියෙන්නේ....? අප වෙනුවෙන් දේවල් තීරණය කළ යුතු පුද්ගලයා ලෙස අපි ඔහුව තෝරා ගත්තද...? ඔහු සුද්දාගේ නියෝජිතයෙක් පමණි. කට වහගෙන සුද්දට වඳින්න...!! ජෝකර්...!!

:       0       0

Kazi Shajahan Monday, 03 July 2023 08:58 AM

ඔබ වහන්සේගෙන් සමාජයට ලොකු සේවයක් වෙනවා.ඇත්ත ඇති සැටියෙන් ඔබ වහන්සේ කියනවා.ඒත් කනගාටුයි අපේ බෞද්ධ නායකයෝ ගැන.මොනවත් කියන්නේ නැහැ.වෙන දේ නොදැක්කා සේ ඉන්නවා

:       0       0

Radika Monday, 03 July 2023 11:05 AM

ඔබතුමා ගෞරවය රැකගෙන ආගම දේශනා කරමින් ඉන්න. ආගමික නායකයින්ට දේශපාලනය මොකටද?

:       0       0

Rata Perata Monday, 03 July 2023 11:34 AM

මේ ටික තේරෙන්නේ නැති බත්කන හරක් තවම ලංකාවේ ඉන්න එක තමයි කරුමේ...! 

:       0       0

SUNIL MILANO Monday, 03 July 2023 12:15 PM

තම තමන්ගේ වැඩක් බලාගෙන දෙවියන්ට ස්ත්‍රෝත්‍රයක් කියාගෙන ඉන්නකෝ මෙයා. දේශපාලනේට ඇඟිලි ගහන්නේ නැතිව...

:       0       0

ANURA ROME Monday, 03 July 2023 12:49 PM

කාලයක් අපි ගොඩක් ගරු කළ චරිතයක්... දැන් නම්. ඉතින් කියලා වැඩක් නැහැ. එපා වෙලා තියෙන්නේ. තමන් ඉපදුණු රටට ගතු කිය කිය ලෝකෙ වටේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site