
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ උවමනාවෙන්ම ජනතාව දුප්පත් කර තිබෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයට සහභාගීවෙමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.
සමහරුන්ට දුප්පත්කමින් මිදෙන්න ඉඩ දුන්නේ නැතැයි ද විශාල ආදායම් පරතරයක් ඇතිකර තිබුණ බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
2019 දී දරිද්‍රතා රේඛාවෙි 11% සිටි අතර මේ වන විට දරිද්‍රතා රේඛාවේ පිරිස 25 %ක් දක්වා වර්ධනය වී තිබෙන බවද සහනාධාර ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලෝකයේ අඩුම සහනාධාර ලබා දෙන්නේ ලංකාව යැයිද කබීර් හෂීම් මහතා කීය.
ලංකාවෙි ලක්ෂ 55ක් පමණ දුප්පත් කොටසට වැටී තිබෙන බවද ගණනය නොකරන ලද දුප්පත් පිරිසක් අද රටේ සිටින බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියඹලා කෑවේම නෑ නේද? ඊළඟ පාර වරෙන්කෝ ගම් පැත්තේ...
ආර්ථික ඔස්තාර්ලගෙන් පිරුණු පක්ෂයක තවත් ආර්ථික ඔස්තාර් කෙනෙක්. මේ ගොල්ලෝ මේ තරම් කාලයක් රට කරපු ආණ්ඩුවල ඉඳලා නෑ. නොයිඳුල්ම පිරිසක්...
මේ අය බයිලා නේද කියවන්නේ..? පුතාණෝ ඡන්දෙ බලාගෙන ජනාධිපති වෙන්න බයිලා කියනවා.