IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘ජනතාව ගැන සිතා විපක්ෂ වේදිකාවට නගිනවා‘‘

(චමිල් රූපසිංහ)

අතීෂයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක  සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි.

මන්ත්‍රීවරයා එසේ පැවැසුයේ ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිකායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිණි අවස්ථාවේදිය.

රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත්  අධික බදු බර නිසා ජනතාවට යැපෙන්න තියා ජිවත් විමත් ගැටලුවක් වි ඇති බව පැවසුහ.

නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැහැ

සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබනවා. ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයකුට මේසා බලයක් නොතිබු බවද පැවැසිය.

 



අදහස් (5)

‘‘ජනතාව ගැන සිතා විපක්ෂ වේදිකාවට නගිනවා‘‘

C.K.Lankaputhra Sunday, 17 December 2023 03:54 AM

ගෝඨාභය ජනතා විරෝධී අන පනත් ගෙනෙනකොට අත උස්සපු කෙනෙක් දැන් ජනතාව ගැන කතා කරනවා.

:       0       42

විපරමා Sunday, 17 December 2023 05:07 AM

පක්ෂ මාරු කර කර, එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් ගත්තේ ජනතාව ගැන හිතලා වෙන්ඩැති. නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න එක නේද හොඳ...?

:       0       35

Bamunuarachchi Sunday, 17 December 2023 05:53 AM

ලොක්කා ඒකාලේ කොට මිනිස්සුන්ට කම්කරු උස මිනිස්සුන්ට සිකියුරිටි ජොබ් දීපු සජිත් අනිවාර්යෙන්ම ඔහෙට සිකියුරිටි ජොබ් එකක් රිසව් කරලා තියාගෙන ඇති.

:       2       26

Roshan Sunday, 17 December 2023 06:08 AM

GL ඇතුළු පිරිස ජනතාව ගැන හිතුවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ. ඔවුන් ජනතාව ගැන හිතලා නෙමෙයි ඔවුන්ගේ පැවැත්ම ගැන හිතලා ගත්තු තීරණයක්. ඔයිට කලිනුත් ජනතාව ගැන හිතලා කියලා රනිල්ගේ ඔඩොක්කුවට පැන්නා. GL, SB, BANDULA, ඇතුළු සෙට් එකක් ඊට පස්සේ මහින්ද ජනාපති වුණා විතරයි මහින්දගේ දැත් ශක්තිමත් කරන්න කියලා ඔය පිරිස රනියාගේ තවත් කුක්කෝ ටිකක් එක්ක මහින්දගේ ඔඩොක්කුවට පැන්නා. මේ අය තාම ජනතාව ගොනාට අන්දලා ඔවුන්ගේ පැවැත්ම ගැන විතරයි හිතන්නේ...!

:       0       23

Sethuhani Sunday, 17 December 2023 07:40 AM

දෙයියන්ගේ නාමෙන් වයසගියාමවත් ගෙදරට වෙලා පිනක්, දහමක් කරගෙන ඉන්නකෝ උන්නැහේ... අපට පවු නොදී...

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site