IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ජනතා සේවයේදී හිනාව ඕනෑ: නැතිනම් දඩ

සිනහමුසුව ජනතා සේවය නොකරන රාජ්‍ය සේවකයන්ගෙන් දඩ අය කර ගන්නා බව, පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පවසා තිබේ.

රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මිත්‍රශීලි වටපිටාවක් ඇති කරමින්, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පෙන්වා දී ඇත.

‘රාජ්‍ය සේවය ගැන ජනතාව සිටින්නේ කලකිරීමෙන්. තම තමන්ගේ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන් හමුවට යන වැසියන් බොහෝ දෙනකුගෙන් මැසිවිලි නගනවා. රාජ්‍ය සේවය කෙරෙහි ඇති විශ්වාසය ගිලිහී ගිහින්. ඒ නිසා මින් ඉදිරියට රාජ්‍ය සේවකයන් ජනතාවට සේවය සපයන විට සිනහමුසු මුහුණින් සේවය ලබා දීම කළ යුතුයි. ජනතාවගෙන් මැසිවිලි හෝ පැමිණිලි හෝ නැගෙන්න ඉඩක් නැහැ. එසේ පැමිණිලි ලැබෙන්නේ නම්, අදාළ රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් ලැබෙනවා. තමන්ගේ මෙම නියෝගය නොසළකා කටයුතු කරන රාජ්‍ය සේවනයන් හෝ නිලධාරීන් මාස 6ක වැටුපකට සමාන උපරිම දඩයකට හෝ වැඩ තහනමකට හෝ ලක්  කෙරෙනු ඇත.’ යැයි නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පැහැදිලි කර තිබේ.

ඇරිස්ටෝටල් ඇග්වයර්, නගරාධිපති ධුරයට පත්වී මාස 8 කි. නගරාධිපති ධුරයට තරග වදිද්දී පවා ඇරිස්ටෝටල් ඇග්වයර් ගුණාත්මක රාජ්‍යඨ සේවකයක් ඇති කිරීමට ප්‍රතිඳා දී තිබේ. ඒ අනුව, ජනතාවගෙන් එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඔහු මෙම ‘සිනාසීමේ ප්‍රතිපත්තිය’ හඳුන්වා දී තිබේ.

‘ධීවරයන්, කෘෂි කර්මාන්තයේ නියැළෙන්නන් සහ දුෂ්කර පළාත්වල වැසියන් ඔවුන්ගේ කටයුතු සඳහා නගරයට පැමිණෙනවා. අවශ්‍ය වැඩේ කර ගන්න ඔවුන් පැය ගණනක් දින ගණනක් රස්තියාදු වෙනවා.  රාජ්‍ය සේවකයන්ගෙන් සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධව දිනපතා පැමිණිලි ලැබෙනවා. ඒ අනුව ජනතාව සෑහීමකට පත්වන ආකාරයේ සේවයක් සැපයිය කළ යුතුයි.’ යැයි නගරාධිපතිවරයා පැහැදිලි තිබේ.

(රොයිටර්)



අදහස් (2)

ජනතා සේවයේදී හිනාව ඕනෑ: නැතිනම් දඩ

gaming01 Friday, 15 July 2022 11:58 AM

හිනා වෙවී මාටිය ගහනකොට අපි මොනවද කරන්නෙ.

:       0       22

අමා Friday, 15 July 2022 02:54 PM

අපේ එහෙම කළොත් මුලු රාජ්‍ය සේවයටම දඩ ගහන්න වෙනවා..!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site