(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
ඒ බව ජනක රත්නායක මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
තමාට එරෙහිව පැවැත්වෙන විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ පුතුන් දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
විවාදය පාර්ලිමේන්තුවට පැමිණ දැක බලා ගැනීම සඳහා අවසර නොලැබීම නිසා යූ ටියුබ් හරහා විවාදය නරඹන බව ජනක රත්නායක මහතා පැවසීය.
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය හෙට (24) දවස පුරා පැවැත්වේ. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනකට මැතිසබය තහනම්
නිර්පාක්ශික Tuesday, 23 May 2023 10:59 PM
ඌරු කොටුවක් බලන්න මහත්තයා... ඊට වඩා හොඳයි..
Nimal Wednesday, 24 May 2023 05:50 AM
එතකොට ස්වාදීන කොමිසම් කියන්නේ රජයට පක්ෂපාත විය යුතුයි කියන එකද?
CK.Lankaputhra Wednesday, 24 May 2023 12:09 PM
හරි, මින් ඉදිරියට ඔය කොමිසං ඔක්කොටම කොමිටෙල් කියා කියමු. ජහමන උපයෝගිතා කොමිටල් එක යනුවෙන් හඳුන්වමු...!