
(යොහාන් භාසුර)
ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (22) පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරණ කාලයෙත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් කරුණු ස්මතුකර ඇති බව කී කාරියවසම් මහතා ඔහු ස්වාධීනව කටයුතු කර නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇති බව ද සඳහන් කළේය.
ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු චරිතයක් වීමට උත්සහ දරණවා නම් කවුරු කළත් එය වැරදි බවත් කොමිසමේ සාමාජිකයන් වෙනත් මතයක් සහ සභාපතිවරයා වෙනත් මතයක් දරන විට පෞද්ගලික කරුණක් වෙනුවෙන් කථා කරනවද කියලා ප්‍රශ්නයක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාධින කොමිෂන් වලට ඕගොල්ලෝ පත් කරපු අය සැබෑවටම ස්වාධීනද ?
හොර පාස්පෝර්ට් සාදා ගෙන ආයෝජකයන් එන රටේ මේවා පඬි වදන් වෙන්න ඇති නේද
ඉදකින් මේ මස්තබාල්දුවා දකින්නත් අප්පිරියයි.ඇයි මුන්ගේ පුවත් පත්තරේ දාන්නේ.
ඔබ කොහොම කීවත් ,ජනක දැන් පෙනී සිටින්නේ අහිංසක දුප්පත් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් .මංකොල්ල කන්න CEB එක හදන්නේ ජනකව අයින් කරලා .මේක හෙන ගහන අපරාධයක් .මේකට චන්දෙ දෙන මන්ත්‍රී වරුන්ට ඊළඟ පාර ජනතාව ගාවට යන්න බැහැ
යටි අරමුන මහජනයාට සහනයක් ලබාදීමට උත්සාහ කිරීමද? අනේ බයිලා නොකියා කටවහගෙන ඉන්න. හරි උනත් වැරදි උනත් ඔහේ චන්දෙ දෙන්නේ හොට්ටුවන්ගෙ පැත්තටනෙ.
කටෙන් ගොම දාන බත් කන හරකා
සාගර..! ඔයගොල්ලෝ ගහන බල්ටි, පඬි ටෝක්, කිඹුල් කඳුළු දුප්පතා වෙනුවෙන්...!! අපි රැවටෙයි ඕවට...
පිස්සු හැදෙන සඳ... අනේ කිඹුල් කඳුළු... අයියෝ සාගර...