IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජුනි දෙවැනි සතියේ සිට වැඩිහිටි දීමනාව යළිත්

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී නැතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර අැතැයිද තාක්ෂණික ගැටලු හේතුවෙන්  එම  ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. 

එසේම ජුනි මාසයට අදාල දීමනාව ද එම මාසයේම ගෙවන බවද අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාල බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු කරන බවද ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි සියලුදෙනාට වැඩිහිටි දීමනාව හිමි වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (1)

ජුනි දෙවැනි සතියේ සිට වැඩිහිටි දීමනාව යළිත්

පිටරටවැසියා Friday, 31 May 2024 08:22 PM

කරුණාකරලා ජනාධිපතිගෙන්ම පටන් ගන්න !!!

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site