IMG-LOGO

ජෝන් කීල්ස් වඩාත්ම ගෞරවණීය සමාගමේ අතර මුල් තැනට

ජෝන් කීල්ස් සමූහය අඛණ්ඩව 16 වැනි වරටත්, LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය සමාගම් හා ආයතන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ. LMD Most Respected Entities නවතම ලැයිස්තුව 2021 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදි.

මූල්‍ය කාර්ය සාධනය, ගුණාත්මක බව පිළිබඳ අවධානය, කළමනාකරණ පැතිකඩ, අවංකභාවය, නවෝත්පාදන උද්‍යෝගීත්වය, ආයතනික සංස්කෘතිය, සමාජ සත්කාර හා තිරසාරත්වය, දැක්ම, ජාතික දෘෂ්ටිකෝණය, මානව සම්පත් කළමනාකරණය සහ අර්බුද කළමනාකරණය යන අංශ 12 න්ම ප්‍රථම ස්ථානයට පැමිණීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට හැකි වී ඇත.

LMD හි සංකල්පයකට අනුව NielsenIQ මගින් පවත්වනු ලබන මෙම සමීක්ෂණයේ අරමුණ වන්නේ, ඊට දායක වන්නන්ගේ ප්‍රතිචාර අනුව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන හඳුනා ගැනීම ය. ලැයිස්තුගත සමාගම් වල කළමනාකාරවරුන් සහ ඊට ඉහළ මට්ටමේ නිලධාරීන් 800 ක පමණ පිරිසක් මෙවර සමීක්ෂණයට දායක වී තිබේ. 2004 වසරේදී මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වීමෙන් අනතුරුව ගෙවුණු වසර 17 තුළ, 16 වරක්ම අංක 1 ස්ථානය දිනා ගැනීමට ජෝන් කීල්ස් සමූහය සමත් වූ අතර, වාර්තාගත වැඩිම ඡන්ද සංඛ්‍යාව (1,074) ද හිමිකර ගැනීමට සමත් විය.

LMD සඟරාවේ 2021 අගෝස්තු කලාපයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසී ය. “විශිෂ්ටත්වය ළඟා කර ගත හැක්කේ කැපවීමෙන් රාජකාරි කරන, නිර්මාණශීලී හා දක්ෂ වෘත්තිකයන් කණ්ඩායමක් තුළින් පමණක් බව අප හොඳින් දන්නවා. ඔවුන් අපගේ මූලික ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීමට උපකාරී වන අවංකභාවය, විශ්වසනීයත්වය, විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ දයාව යන වටිනාකම් මුල් කරගෙන කටයුතු කරන කණ්ඩායමක් විය යුතුමයි. මෙවැනි ඇගයීම් අප වෙත හිමිවීම, මා විශ්වාස කරන ආකාරයට, ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් නිර්මාණය කිරීමටත්, කණ්ඩායම් හැඟීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් අතිශයින් වැදගත් වන සාධකයක්. කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් අඛණ්ඩව ආයෝජන කිරීම මගින් ඔවුන් වැඩි උනන්දුවකින් යුතුව සමාගමේ ඉදිරි ගමනට තම දායකත්වය ලබාදීමට පෙළඹෙනවා. මේ ආකාරයට වාර්තාගත 16 වන වරටත් මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස LMD ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. අපට මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබුණේ අපගේ සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම නිසයි.”



අදහස් (0)

ජෝන් කීල්ස් වඩාත්ම ගෞරවණීය සමාගමේ අතර මුල් තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 569 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1000 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site