IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජෝන් කීල්ස් ONEJKH සන්නාමයට ගොනුවේ

විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් සහ ඒවායෙහි වැදගත්කම වඩාත් හොඳින් සන්නිවේදනය කිරීම සඳහා විශේෂ සන්නාමයක් ලෙස පසුගිය වසරේදී 'ONE JKH' හඳුන්වා දෙන ලදි.

ජාතිය, ආගම, ලිංගික හැඩගැස්ම සහ අනන්‍යතාව, වයස සහ හැකියාව ආදිය පිළිබඳව කිසිදු භේදයකින් තොරව ජෝන් කීල්ස් සමූහය තුළ කාටත් සමතැන් හිමිවන බව සහතික කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. 'ONE JKH' ලාංඡනය සඳහා භාවිත කර ඇති වර්ණ මගින්ද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම, ආබාධිතභාවය හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ LGBTIQ අනන්‍යතාව සහිත පුද්ගලයන්ද නියෝජනය වී ඇත.

පසුගිය වසර 5 ක කාලය තුළ, විවිධත්වයේ විවිධ පැතිමානයන්ට අදාළව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ප්‍රධාන පෙළේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. ස්ත්‍රී පුරුෂ විවිධත්වය සම්බන්ධයෙන් ගත් විට, තීරණ ගැනීමේ මට්ටම් ඇතුළුව සමස්තයක් ලෙස සමාගම තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් IFC She Works Sri Lanka සහ එක්සත් ජාතීන්ගේ 'Global Compact' හි වැඩසටහනක් වන Target Gender Equality සමග අත්වැල් බැඳගැනීමට ජෝන් කීල්ස් සමූහය කටයුතු කළේ ය. ජෝන් කීල්ස් සමූහය, තම ව්‍යාපාරික ස්ථාන තුළ වඩාත් පහසුවෙන් රෝද පුටු භාවිත කිරීමේ පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.

LGBTIQ අනන්‍යතාවන් සහිත පුද්ගලයන් සිය අන්තර්කරණ ප්‍රතිපත්ති මගින් ආවරණය කිරීමට නිල වශයෙන් කටයුතු කළ ප්‍රථම ශ්‍රී ලාංකික සමාගම ජෝන් කීල්ස් සමූහයවීම විශේෂත්වයකි.

කාන්තාවන් සවිබල ගැන්වීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන්, තම කාර්ය මණ්ඩලය හා සැපයුම් දාමය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට ජෝන් කීල්ස් සමූහය දැඩි ලෙස අවධානය යොමුකර තිබේ. වසර 5 ක කාලයක් තුළ තම කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය සියයට 40 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව සමාගම 2021 වසරේදී නිවේදනය කළේ ය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. (JKH) යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7 ක් පවතින, සමාගම් 70 කට වැඩි ගණනක් මෙහෙයවනු ලබන, කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර, 14,000 කට අධික පිරිසකට රැකියා ලබාදෙන JKH ආයතනය වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත.



අදහස් (0)

ජෝන් කීල්ස් ONEJKH සන්නාමයට ගොනුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 358 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site