(සුජිත් හේවාජුලිගේ)
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තාවේ.
ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා ඒ ඒ දේශපාලන පක්ෂවලට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය
ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන පවතින්නේ යැයි කියති. ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇතැයි පැවසෙන්නේ එම ආයතන වලටය.
සමීක්ෂණ ආයතන තුනක් සමීක්ෂණ කටයුතු මේ දිනවල කරගෙන යන බව දැනගන්නට ඇත
ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් පැවසූහ. එසේම තමන්ට වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකාවලදී ඉදිරිපත් දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමද එහි තවත් අරමුණක් බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවේ කට්ටිය ඇතුළුව වෙන්න ඇති නේද?
ජනතාවගේ සමීක්ෂණය දැන් ඉවරයි. දැනටමත් බලයට පත් කරගත යුත්තේ කවුරුන්ද කියලා තීරණය කරලා අවසන්...!
ජනතාවගේ මතය වෙනස් කරන්න හදපු එකක්.
මාලිමා NGO නඩය තමයි වැඩිපුරම සල්ලි පොම්ප කළ බව පේන්නේ... තාම පොහොට්ටු චන්ද දායකයින් නිහඬයි...
පොහොට්ටු ඡන්ද දායකයින් කියලා හඳුන්වන්න පුළුවන් කොටසක් දැන් නැහැ. ඔවුන් ඔක්කෝම මාලිමාවට හැරිලා, ලොකුම විහිළුව නාමල්ගේ සම්මේලනය පවා අති අසාර්ථක වුණා. පොහොට්ටුවට දැන් හාමුදුරුවරුත් නැහැ වගේ...
මෙතන සේරම පක්ෂ අමතක කරලා මාලිමාව ගැන විතරක් කතා කිරීමෙන්ම පේනවා ඒකට ඔය කටු කන අයගේ බිය, ඒ බිය සදාකල් පවතීවා...!
මාලිමාකාරයෝ කොයිතරම් මුදලක් වියදම් කරනවාද ඡන්දය වෙනුවෙන් සල්ලි හම්බ කරේ කොහොමද? ඒ විදියට බලනකොට හොයන්න ඕනේ හම්බ කරපු විදිය නේද? තාම සිහින දකිනවා හීනය දකින්න හැමදාම සමීක්ෂණ කරගන්නවා. ඡන්දයක් ආවාම බලමු නේද නිශ්ශබ්ද වෙලා ඉන්න අපේ මිනිස්සුන්ගේ බොරුවලට රැවටිලා නැති බවත් රටට ආදරය කරන මිනිසුන් තවමත් ඉන්න බවත්... ඒ මිනිස්සු ගන්නේ මොන තීරණයද කියලා ඡන්දය ඉවර වුණාම තේරේවි...!