IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජේතවන සිද්ධියට රියැලිටි ගායකයකු ඇතුළු පහක් මාට්ටු

(බී.ජී. චතුරංග)

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ  අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවි ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල් අඩිය පුත්තලම , මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකු බව . පොලිසිය පවසයි.

 



අදහස් (5)

ජේතවන සිද්ධියට රියැලිටි ගායකයකු ඇතුළු පහක් මාට්ටු

රුවන් Tuesday, 04 June 2024 09:15 PM

බුදු හාමුදුරුවන්ගෙ ගුන බලය ගැන අඹ මල් රේනුවක දැනුමක් තිබුන නම් ඔය වගේ අපරාදයක් කරන්නෙ නැහැ. පව් කාරයො.

:       3       19

shan Tuesday, 04 June 2024 10:51 PM

නම මොකද්ද

:       0       15

sam Wednesday, 05 June 2024 04:09 AM

මුන්ට ඇති සියලුම දේපල රාජ සන්තක කරලා අවුරුදු 25 ක් වත් හිරේ දාන්න නීති වහාම ගේන්න .එතකොට මෙවැනි කාලකන්නි වැඩ කරන හැම එකාම පාඩමක් ඉගෙන ගනී

:       2       12

Pradeep Kumara Wednesday, 05 June 2024 08:27 AM

ජනතා පරමාධිපත්‍යයෙන් අභිෂේක ලැබූ ඔය කියන ගායකයාගේ නම හෙලි නොකරන්නේ ඇයි?

:       0       24

ගජමිතුරු Wednesday, 05 June 2024 10:08 AM

නම හෙලිකලොත් ඔහුගේ ජයග්‍රහණය සදහා කැමැත්ත දුන්නු අයගේ සිත් දූෂණය වෙනවා .එහෙම වුනොත් ඔවුන්ගේ සිත්වල ඔවුනුත් හොරු හැටියට හැගීමක් ඇතිවෙනවා. අන්න ඒ නිසා තමයි නම නොකියන්නෙ

:       7       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site