ජාත්‍යන්තර හෙද දිනය හා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (12) කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (අයි.ඩී.එච්) රෝහලේදී පැවැත්විණි.
මෙම උත්සවයට බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වන්නේ “සෞඛ්‍ය ලෝකය පෝෂණය කිරීම” යන්නයි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසන්ගත සමය තුළ ඔබ කරන සේවය ඉතා අගය කොට සලකමි. ඔබලාට තෙරුවන් සරණයි.
ස්තුතියි.. ස්තුතියි මුළු හදවතින්ම ස්තුතියි ..!!!
කොරෝනා වෛරසයෙන්, මුළු ලොවම කම්පා වී බියෙන්, සැකෙන් මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් වී සිටින මෙවන් අති දුෂ්කර කලවකවානුවක, ඔබලා තම ජීවිත පරදුවට තබා කරන උතුම් සේවය, අප සියලු දෙනාම ඉමහත් සේ අගයන්නෙමු. ඔබලා ඇතුළු ලෝකයේ මුළුමහත් හෙද ප්‍රජාවටම නිදුක් නිරෝගී, සුබ ජාත්‍යන්තර හෙද දිනයක් වේවායි සුබ පැතුම් එක් කරන්නෙමු.!!!
අපි දෙවියන්ට යාඥා කරමු... සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කරන්න කියා...
ඇත්තටම දිනකට සිමා නැති ඔබේ සේවය විශීෂ්ඨයි ....
අපි ඉපදුනදා සිට මිය යනතෙක්ම, අපේ ජිවිත ජිවත් කරන්න... ඒ වගේම මියයමින් තිබෙන ජිවිත නැවතත් ජීවත් කරන්න.., දිවා රෑ නොතකා... යුද බිය නොතකා.. ඔබ ඔබගේ ජීවිතය කැපකිරීම.. කෙසේ නම් අදහන්නද..? නමුත් සත්‍යම කතාව එයයි. මට හිතෙන්නේ බුදු දහමේ කියන විදිහට ඔබ "ආත්ම ගණනක් ..පතාගෙනම "..පැමිණියා වෙන්න ඇති. ජිවිත දහස් ගණනක් සුව කරන්න. මේ ඔබ සැම කරන " සේවාවෙන් " ඔබ ලබන අධ්‍යාත්මික සුවය ලොව ඇති කිසිම සැපතක් හා සමකරන්න හැකිද...? මගේ පිළිතුර නොහැක...!!! යන්නයි. අපේ ජිවිත හෙටත් ජීවත් කරන්නට ඔබගේ අද දවසම කැපකළ උතුම් හෙද සේවයේ නිරත මහත්වරුනේ, මහත්මියනේ ඔබ සැමට මේ ලෝකයේම ආචාරය පමණක් නොව දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා...!!!
ෆ්ලොරන්ස් නයිටිංගේල් කියන්නේ පිදියයුතු උතුම් කාන්තා රත්නයක්. දුක්විඳින අසරණ ලෙඩුන් ගැන හදවතින්ම දුකසිතී ඔවුන්ට ප්‍රතිකාර කිරීමට තම මුළු දිවියම කැපකලා. පියාට කියලා රෝහලක් ඉදිකරවා ගත්තා. ලෙඩුන්ට තියෙන කරුණාව අඩුවෙයි කියලා විවාහයක් කරගත්තෙත් නැහැ. එවන් උතුම් පරපුරකින් තමයි හෙද පරපුර පැවත එන්නේ. එහෙත්, මේ රටේ කෙනෙකු මේ උතුම් පරපුරේ ගෞරවය කෙලෙසුවා. ඒ හෙද පරපුර වැඩ වර්ජන වලට යොමු කිරීමෙනුයි. කොහෙවත් ඉන්න අය කියන දේවල් නොකොට තම උතුම් පරපුරේ ගෞරවය රැකගැනීමට හෙද පරපුර සිතට ගැනීම ඉතා වැදගත්..
රෝගීන් වෙනුවෙන් ඔබ දක්වන කරුණාව, දයානුකම්පාව සහ කැපවීම ඉහලින්ම අගය කරමි. ඔබ සහ ඔබේ පවුල්වල සැමට අපේ කෘතවේදීත්වය හැමදාම හිමිවේ.
මේ අවස්ථාවේ කිවයුතු දෙයක් තියනවා. ඔබලාගේ සේවය අප ඉතා ඉහලින්ම අගය කරනවා. අපේ හෙද හෙදියන් වෙනත් රටවල රැකියා සඳහා යවන්න දේශපාලකයන් ගන්න තීන්දුතීරණ වලට ඔබලා එකඟ වෙන්න එපා. මම මෙහෙම කියන්නේ එක වරක් ලිබියාවට හෙදියන් අරින්න කතා කළා. එ්ත් එක්කම එහෙ යුද්දේ ඇති වුණා. පසුගිය කාලේ යුරෝප් රටක හෙද ඇබෑර්තු ගැනමයි කතා කලේ. එදා ඒ රටට රැකියා සඳහා ඇරලා තිබුණා නම් අද ඇතිවන තත්වය කුමක්ද?