(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන රැසක නියෝජිත වට මේස සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JIСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) යන ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවෝ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
එහිදී අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් කෙරෙහි අවධානය යොමු වූ බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඇති අභියෝග, අවස්ථා සහ කැපවීම් පිළිබඳව ද සාකච්ඡා කළ බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවටා වට මේස නෙමෙයි ,කොටි මේස සාකච්චා තිබ්බත් වැඩක් නෑ .ප්‍රශ්නේ තියෙන්නේ මෙයා ඇතුළු නූගත් දේශපාලුවන්ගේ