(ටී.කේ.ජී.කපිල)

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා ( Maria Fernanda Garza ) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙලෙස ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ .

ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය , ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය වේ .

එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක වෙළඳ සංවිධානය (W.T.O. ) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ( W.I.P.O. ) යන සංවිධාන නියෝජනය කරන එකම වානිජ මණ්ඩලය වේ .

එසේම මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ "තිරසර නාගරීකරණය" පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවකි.