
(විමුක්ති එස් රුද්‍රිගු)
සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන්ගේ කැපවීම දිරිමත් කරන බවද ජෝර්ජියේවා මහත්මිය පැවැසුවාය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ශ්‍රී ලංකික දූත පිරිස සමග පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී පැවැති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නොහිටින්නට අද වනවිට ජ.වී.පෙ. මෙලහකටත් ඇනගෙන හමාරය. අද වනවිට ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කරන්නේද එදා රනිල් සමඟ සිටි මිනිසුන් මිස අනුර කුමාරලාගේ පණ්ඩිතයන් නොවේ. වොෂින්ටනයේ දී අනුර කුමාර ලා වෙනුවෙන් කතා කළේද මහින්ද සමරසිංහ ය. සිනා නොවන්නේ රට පෙරට යාම දකිනු රිසි බැවිනි. විය යුත්තේද එයයි.
අනුර කුමාර ආන්ඩුවට වැදගත්, බුද්ධිමත්, පළපුරුදු මිනිස්සු නෑ ආණ්ඩුවේ ඉහළ තනතුරකට දාන්න. ගම්මන්පිල හෙලි කරපු පාස්කු වාර්ථාවේ හංගපු කොටස්වලින් පැහැදිලි වුණා ආණ්ඩුව පොලීසිය සහ සී.අයි.ඩී. එක බාරදීපු අයගේ කෙරුවාව. රටේත්, ජනතාවගේත් වාසනාවට අයි.එම්.එෆ්. බලපෑම නිසා මේ මහ බැංකුවේත්, මුදල් අමාත්‍යාංශයේත් ඉහළ නිලධාරීන්ව මාරු කරගන්න බැරි වුණා. නැත්නම් මේ උගතුන්ට නොකියපු, නොකරපු අපහාසයක්, තර්ජනයක් නෑ... මැතිවරණ වේදිකාවේ...
බණ්ඩා, රනිල්ලා කරපුවා තමයි අද අපි විඳින්නේ. ඒ නිසා නිකන් බොරුවට උඩ පනින්න එපා...!