(යොහාන් භාසුර)
ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000 ක් දක්වා ඉහළ දමා ඇති අතර ජාතික හැඳුනුම් පිටපතක් පිලිබඳව විස්තර සත්‍යතාවය සහතික කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරන අවස්ථාවේදී අය කරන ගාස්තුව රුපියල් 500 ක් දක්වා ඉහළ දමා තිබේ.
ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙක් ලෙස ලියාපදිංචිවීමේ ගාස්තුව රුපියල් 15000 දක්වා ඉහළ දමා ඇති අතර එම සහතිකය වාර්ෂිකව නැවත ලියාපදිංචිය යාවත්කාලීන කිරීමේ ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික හැඳුනුම්පත් ගාස්තු නැවතත් ඉහළ දමයි
නිලන්ති Thursday, 26 October 2023 01:13 PM
අස්වැසුම දෙවැනි කණ්ඩායමේ අයටත් ළඟදීම ප්‍රතිලාභ දෙනවා කියලා තිබුණා. මැතිවරණයට බිලියන ගණනක් වියදම් සොයාගන්න ඉන්න වෙලාවේ සතෙන් සතේත් ඉතාමත් වටිනවා...!
සුන්දරම් පදුහෙට්ටිනාන් Thursday, 26 October 2023 05:13 PM
විද්‍යුත් හැඳුනුම්පත කවද්ද දෙන්නේ..?. මේ වෙනකොට ICTA එක ඒකේ වැඩ ගොඩාක් ඉවරකරළා ඇතිනේ. ඉක්මනට දෙන්න. අත්‍යාවශ්‍යම දෙයක්...!
Sampath Thursday, 26 October 2023 06:27 PM
2021 O/L ළමුන්ගේ හැඳුනුම්පත් හදන්න වසර 2කට වඩා ගතවී ඇතත් තවම නැත. වැඩිකිරීම පමණි කරන්න පුළුවන් මොවුන්ට...