(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ 13 ක් තිබුණත් හොඳ තත්ත්වයේ තිබෙන්නේ ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ දෙකක් පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු සඳහා තිබෙන්නේද වසර 20 කට වඩා පැරණි වාහන 3 ක් පමණක් බවත් එම වාහන නිතර නිතර කාර්මික දෝෂයන්ට ලක් වීම හේතුවෙන් වැඩි කාලයක් තිබෙන්නේ ගරාජයේ බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු අඩාල වී තිබෙනවා පමණක් නොව එම වාහන නඩත්තු කිරීම සඳහා විශාල මුදලක්ද වැය කිරීමට සිදුව ඇති බව එම ප්‍රකාශකයා පැවසුවේය.
කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය 11000 ක් පමණ වන බවත් දිනකට 8000 ක් පමණ රෝගීන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ වනවිට පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගැටලු රාශියකට මුහුණපා සිටින බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය අංශවල දේශපාලන පත්වීම් ලබන්නන්ට සුවිශේෂී වරප්‍රසාද යටතේ සුඛෝපභෝගී මෝටර් රථ හිමි වී තිබෙන බවත් රටට විශාල සේවයක් කරන කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන සේවය පණ අදිමින් සිටින බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිසාද පොහොට්ටුවේ මී හරකුන් සෞඛ්‍ය ඇමැති කෙහෙලියව විශ්වාස භංගයේදී දිනවූවේ...?