
(අංජුල මහික වීරරත්න)
16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට (19) පස්වරු 4ට පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.
ත්‍රස්තවාදය අවසන් කරන විට ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆොස් රොෂාන් ගුණතිලක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වෙති.
ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුඛසාන වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතය.
රණවිරු උළෙලේදී ආරාධිතයින් , හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සහ හමුදා සම්ප්‍රදායානුකූලව ගරු බුහුමන් දැක්වීම මෙහිදී සිදු කෙරේ.
මෙම ජාතික රණවිරු දින සැමරුමේ අරමුණ වන්නේ දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවි හිමියෙන් සටන් කළ රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ගෞරවය පිරිනැමීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට උල්කරලා හත්පොළේ ගාගනීද දන්නේ නෑ...?
මුලදී නියෝජ්‍ය ඇමැති යවලා ශේප් වෙන්න බැලුවේ, ඒත් මිනිස්සු බනින්න ගත් නිසා අපවාදෙන් බේරෙන්න සහභාගී වෙනවා. අනේ මෙහෙමත් සෙවල ආණ්ඩුවක්...
ආ.. එනවාද? මීට අවුරුදු 16 පෙර සටනේ අවසාන හරියේදී පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යාංශ අයවැය පරාද කරන්න හදපු විදියත් කියයිද දන් නෑ...
මුට්ටිය දාලා බැලුවාට හරි ගියේ නෑ නේද? ගොඩක් මිනිස්සුන්ට තාම මතකයි
මිනීමරුවන් පාලනයට දාගත්තු එකම රට...
මුලදී කිව්වේ එන්නේ නැහැ කියලා නේද? අනේ මන්දා අනුර...
මේකට ආවේ නැත්නම් ග්‍රීසියට නැව් නගින්න තමා වෙන්නේ කියලා මාලිමා පාපිස්සක් කියන්න ඇති..
දෙපිට කාට්ටු වැඩ...
හෑ! ජනතා විරෝධයට ඒ ගානට බය වුණාම ඇති! කොහොම වුණත් තීරණයට අපේ ප්‍රණාමය! "යුද්ධයේ ජයග්‍රාහකයින් නොමැත" කියලා බෝඩ් එල්ලාගෙන කොමෙන්ට් කොටන්න හිටි මාලිමා හෝදන්නන්ට දැන් ඉතින් මේ වෙනස ගැන ජනපතිට ප්රශස්ති ගායනා කරන්න පුළුවන්...
2009 අවසන් යුද්ධ සමයට පෙර සේවය කළ, ජීවතුන් අතර සිටින සියලුම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ද මෙම උළෙලට ආරාධනා කළ යුතුයි. කිසිම යුද්ධ පලපුරුද්දක් නොතිබුණු මෙරට ත්‍රිවිධ හමුදාවට ලොව ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ හැකි තත්ත්වයට පත්වූයේ රැයකින් දෙකකින් නොවන බව අමතක නොකළ යුතුයි. ඒ සඳහා එම දශක තුනක කාලය පරිච්ඡේදය තුළ සේවය කළ සියලු ත්‍රිවිධ හමුදාපතිවරු ඔවුන්ට තිබුණු දැනුම සහ ශක්ති ප්‍රමාණයෙන් දායක වූහ. ඒ-ඒ කාලවල සිටි රාජ්‍ය පාලකයින්ගේ අනුවණ ක්‍රියා හේතුවෙන් සිදු වූ පසුබැසීම් සහ පරාජ ද ඉන් සිදු වූ ජීවිත සහ සම්පත් විනාශ ද එම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විඳ දරාගැනීමට සිදු වූ බව අමතක නොකළ යුතුයි. ඔවුන්ගේ සැඳෑ සමයේදී, ඔවුන් ජීවතුන් අතර සිටියදී ඔවුන්ගේ දායකත්වයට ප්රණාමයක් ලෙස රණවිරු සැමරුම් උත්සවයට ආරාධනා කිරීමට බලධරයින්ට නුවණැස පෑදේවා!
දැන් මම මොකද කරන්න ඕනේ. මට මේක මග හැරුනොත්, මොකක්ද ප්‍රශ්නේ? මේ වෙලාවේ මේක අවශ්‍ය නැහැ. මම ජේවීපී කාරයෙක් නේද? මම අනුරද නැත්නම් මේ රටේ ජනාධිපතිද? ඔව්... මම ජනාධිපති. ඔන්න, එයාට ඩයස්පෝරාව එක්ක ගනුදෙනුවක් තියෙන්න පුළුවන් නේද? ඔහ් නෑ, දෙමළ සහ මුස්ලිම් දක්ෂිණාංශිකයින් එක්ක සහජීවනයක් තියෙනවා. ඔහ් නෑ, මාක්සියම් මේ ගැන මොකද කියන්නේ? මැතිවරණයක් එනවා හරි. ඔහ් නෑ, නෑ සිංහලයෙක් විදිහට මම එතැනට යන්න ඕනේ. ඔහ් නෑ, ඉන්න. මට ටිල්වින් එක්ක කතා කරන්න ඕනේ.
මහින්ද යුද්ධයේ වීරයා කියලා දඟලන්න හැදුවට, ඇත්තටම මහින්ද හිටියේ යුද්ධ කරන්න නොවෙයි. මහින්දට යුද්ධ කරපන් කියලා ලොකු බලපෑමක් කලේ ජේවීපී එක.. හුඟක් දෙනෙක් මේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ… මහින්ද හිටියේ ප්රභාකරන් එක්ක ගිවිසුම් ගහලා උඹ උතුරු කරපන් මම දකුණු කරන්නම් කියන ස්ථාවරයේ… මහින්දයි ඔහුගේ සහචරයෙනුයි අද බොරුවට දඟලනවා…
2009 අවසන් යුද්ධ සමයට පෙර සේවය කළ, ජීවතුන් අතර සිටින සියලුම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ද මෙම උළෙලට ආරාධනා කළ යුතුයි. කිසිම යුද්ධ පලපුරුද්දක් නොතිබුණු මෙරට ත්‍රිවිධ හමුදාවට ලොව ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ හැකි තත්ත්වයට පත්වූයේ රැයකින් දෙකකින් නොවන බව අමතක නොකළ යුතුයි. ඒ සඳහා එම දශක තුනක කාලය පරිච්ඡේදය තුළ සේවය කළ සියලු ත්‍රිවිධ හමුදාපතිවරු ඔවුන්ට තිබුණු දැනුම සහ ශක්ති ප්‍රමාණයෙන් දායක වූහ. ඒ-ඒ කාලවල සිටි රාජ්‍ය පාලකයින්ගේ අනුවණ ක්‍රියා හේතුවෙන් සිදු වූ පසුබැසීම් සහ පරාජ ද ඉන් සිදුවූ ජීවිත සහ සම්පත් විනාශ ද එම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විඳ දරාගැනීමට සිදු වූ බව අමතක නොකළ යුතුයි. ඔවුන්ගේ සැඳෑ සමයේදී, ඔවුන් ජීවතුන් අතර සිටියදී ඔවුන්ගේ දායකත්වයට ප්රණාමයක් ලෙස රණවිරු සැමරුම් උත්සවයට ආරාධනා කිරීමට බලධරයින්ට නුවණැස පෑදේවා...!
දෙබිඩ්ඩා...
කටින්ද දන්නේ නැහැ කතා කරන්නේ...?
ඔයාට කිසිම දේකට ප්‍රතිපත්තියක් නැහැ. කිසිම දේකට...
ජගත්, හෆීල්... ඔන්න අපි පිළිගත්තා හොඳේ...
මොනවා උනත් මේකටනම් මහින්ද මහත්තයටත් ආරාධනා කරන්න තිබ්බේ
මින් ඉදිරියට පවත්වන රණවිරු සැමරුම් උත්සව වලටවත් 2009 අවසන් යුද්ධ සමයට පෙර සේවය කළ, ජීවතුන් අතර සිටින සියලු ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ද ආරාධනා කළ යුතුයි. '80 දශකයට පෙර කිසි ම යුද්ධ පලපුරුද්දක් නොතිබුණු මෙරට ත්‍රිවිධ හමුදාවට ලොව ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ හැකි තත්ත්වයට පත්වූයේ රැයකින් දෙකකින් නොවන බව අමතක නොකළ යුතුයි. ඒ සඳහා එම දශක තුනක කාල පරිච්ඡේදය තුළ සේවය කළ සියලු ත්‍රිවිධ හමුදාපතිවරු ඔවුන්ට තිබුණු දැනුම සහ ශක්ති ප්‍රමාණයෙන් දායක වූහ. ඔවුන්ගේ සැඳෑ සමයේදී, ඔවුන් ජීවතුන් අතර සිටියදී රණවිරු සැමරුම් උත්සවයට ආරාධනා කිරීම ඔවුන්ගේ දායකත්වයට ප්රණාමයක් වනු ඇත.
කවුරු මොනවා කිව්වත්, බහුතර ජනතා ඡන්ද බලයෙන් තෝරා පත්කර ගත් රටේ වර්තමාන ජනාධිපති, සෙනාධිනායක අනුර කුමාර දිසානායක සහෝදරයා, රටත්, ජාතියත්, බුදු සසුනත් (දළදා මන්දිරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, සිරිමා බෝ සමිඳු අභියස සිල් සමාදන්වී සිටි බැතිමතුන් ඝාතනය, අරන්තලාවේ භික්ෂූ සංහාරය ...) වැනි දහසකුත් එකක් ම්ලෙච්ච, මිනීමරු, ත්රස්තවාදීන් සමූලඝාතනය කර ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට ජීවිත පරිත්‍යාගයෙන්, ජීවිතාන්තය දක්වා ආබාධිතයන්වී, සොච්චම් වැටුපක් ලබන අසරණ රණවිරුවන්ට උපහාර පුදන්න රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම වරදක් ලෙස නොසැලකිය යුතුයි... මැදමූලන රාජපක්ෂ පවුලෙන් එකෙක් හෝ රට වෙනුවෙන් සටන්කාමීන් හැටියට සේවය කරාද? ඔවුන්ගේ අප්පච්චිලා, බාප්පලා, මහප්පලා යෝධ ශරීර ඇති එක කොල්ලෙක් හෝ යුද පිටියට යැව්වාද? නැත ! නැත !! එහෙව් රාජපක්ෂලා වෙනුවෙන්ද ඔවුන්ට ආවඩන සමහර සට්ටැඹියන් මෙහෙම කමෙන්ට්ස් දමන්නේ? පව්... අනේ ... පව් !!!