(අංජුල මහික වීරරත්න)
ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.
රටේ සංවර්ධන වැඩ සටහන් වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාද වන අතර කලින් කලට රජයන් වෙනස්වන විට ජාතික සැලසුම් වෙනස්වීම රටේ සංවර්ධනයට බාධාවක් බව ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදී සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික භෞතික සැලැස්ම කිව්වාට තේරුමවත් හරියට දන්නවද? කවුද දන්නේ? කප්පම් සැළැස්මක් වෙන්නත් බැරි නැහැ...
රාජගිරියේ, ගම්පහ ඉඩම් මංකොල්ල කාලා කප්පම් අරන් අච්චු කරපු කෙනා හදන භෞතික සැලසුම්...?
රටේ සංවර්ධනයට සැලසුම් හදන එක කාලෝචිතයි .
රටේ සංවර්ධනයට සැලසුම් හදන එක කාලෝචිතයි
මෙකෙ කියන මොකුත් තෙරෙන්නෙ නෑ... ඹ්හෞතික සලස්ම කියන්නෙ කප්පම් වලට තවත් නමක්ද??