(ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) පෙරවරු 9.30 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතනයේදී එළිදැක්වේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන් ද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එහි ක්‍රියාකාරීන්ද ජාතික ජන බලවේගයට සම්බන්ධ විවිධ වෘත්තිකයන් විද්වතුන් සහ ක්‍රියාකාරීන්ද සහභාගි වීමට නියමිතය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසු පොත් පිංචක් ලෙස දිවයිනේ සෑම නිවසකටම බෙදා හැරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත් ලංකාදිපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුව නාගානන්ද ඉල්ලයි කියලා. එ්ක සිදුනොවුණු නිසා දැන් තියෙන විකල්පය නම් මහා චෞර පක්ෂවලින් එන අය ප්‍රතික්ෂේප කර අනුර කුමාරට ඡන්දෙ දෙන එකයි කියලා මටත් හිතෙනවා. නොදිනුවත් හිත හදාගන්න පුළුවන් තක්කඩින්ට ඡන්දෙ දුන්නේ නැහැ කියලා.
අර ඉස්සර කාලේ ඉල්ලා ගත්තු හැඳුනුම්පත් ආපහු දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවද?
ලංකා මැතිවරණ ඉතිහාසයේ කිසිම අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් මෙවර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත්කර ඇති ආකාරයේ සවිස්තරාත්මක යතාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. කණගාටුවට කරුණ නම් කිසිම මාධ්‍යයක් විසින් ඒ විශිෂ්ඨ කාර්ය ජනතාව අතරට ගෙනයාමට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදීමයි. අනුර කුමාර මහතාට ඒ සියලු නොසැලකීම් මැද ජයග්‍රහණය කරා යාමට ශක්තිය පතමු.
71ක් වසරක් ප්‍රධාන පක්ෂ දෙක විසින් විනාශ කරන ලද අපේ මව්බිම මේ විනාශකාරී මාවතෙන් ගලවා ගැනීමට නම් මෙවර අනිවාර්යයෙන් තුන්වෙනි බලවේගයක් දිනවිය යුතුමයි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එවැනි හැකියාවක් පෙන්වන විකල්ප වැඩපිළිවෙලක් ඇති එකම බලවේගය ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගයයි. එබැවින් මව්බිමේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔබ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබා දෙන්න.
අවුරුදු හැත්තෑ එකක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු අය එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ ඡන්දෙදීවත් හිතට ගමු. රට ගොඩනගන සැබෑ වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරවමු. අපේ ආදරණිය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්, සැබෑ වුවමනාවක්, අප්‍රතිහත ධෛර්යයක් ඇති එකම අදූෂිත නායකයා අනුර කුමාර පමණයි.
1930 1940 දශකවල අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් පැරණි වමේ ව්‍යාපාරය හා එකතු වී සිටි ආකාරයෙන් අද අපේ රටේ සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරු උගතුන්, බුද්ධිමතුන් ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය සමග එක්වී සිටීම ඉතාමත් සතුටට කරුණකි..
විද්වතුන්ගේ අදහස්, යෝජනා මත රට ගොඩනගන සැබෑ යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් අවුරුදු 71ක් තිස්සේ රට ගමන් කළ විනාශකාරී ගමන්මග වෙනස්කිරීමට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය මේ රට නව යුගයක් කරා ගෙනයනු ඇත.
මා දන්නා තරමින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර ඇත්තේ විශ්විද්‍යාල මහාචාර්යවරු 200 දෙනෙකුට අධික පිරිසක් ඇතුළු ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ රට ගොඩනගන වැඩ පිළිවෙලක් මූලික කරගනිමින්. මෙවැනි යතාර්ථවාදී වැඩපිළිවෙලක් මේ වනතෙක් කිසිම පාර්ශවයක් විසින් ඉදිරිපත් කර නැහැ. මෙය ප්‍රායෝගික යතාර්ථයක් බවට පත්කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතාට අපගේ සහයෝගය ලබාදෙමු..
අනුර ඔබ අර හැමතැනම කියකියා යන උතුර සහ නැගෙනහිර දෙමල-මුස්ලිම් ජනතාවට බලය බෙදන්න එකඟ වූ වැඩපිළිවෙල මතක ඇතුව ඕකට දාන්න. මොකද ඔයා වේදිකාවල කියන ඒවා ටිකයි, ඔය ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන එකයි... මිනිස්සුන්ට හොඳට කියවාගන්න ලොකු අකුරින්ම දැම්මොත් වඩා හොඳයි. සජිත් සහ අනුර කුමාරලා යන්නේ බලය බෙදන පාරේ... ගෝඨා පමණයි කෙලින්ම කිව්වේ ඔහු බෙදුම්වාදය සහ අන්තවාදය ඍජුවම ප්‍රතික්ෂේප කරන බව... වෙනින් කිසිඳු අපේක්ෂකයෙක්ට ඒ ටික කියන්න බැහැ.
2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසේන - රනිල් යුගලය පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමට නම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි. මෙවර ඔබගේ සහයෝගය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීමට ලබාදෙන්න.
සුරුට්ටු කඩයක් කරගන්න බැරි වුණාට මටත් අන්තර්ජාලය මගින් මනහර ප්‍රතිපත්ති ප්රකාශනයක් නිර්මාණය කළ හැකිය.
අවුරුදු 71 කතාව කියාගෙන අාවට මහා පක්ෂ 2 මාරුවෙන් මාරුවට කඩේ ගියේ කව්ද? අපිද?
71ක් වසරක් ප්‍රධාන පක්ෂ දෙක විසින් විනාශ කරන ලද අපේ මව්බිම මේ විනාශකාරී මාවතෙන් ගලවා ගැනීමට නම් මෙවර අනිවාර්යයෙන් තුන්වෙනි බලවේගයක් දිනවිය යුතුමයි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එවැනි හැකියාවක් පෙන්වන විකල්ප වැඩපිළිවෙළක් ඇති එකම බලවේගය ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගයයි. එබැවින් මව්බිමේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔබ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබා දෙන්න.
ඔබලා ඔහොම කිව්වට අනුරකුමාරට ඡන්දේ දීලා අප කොහොමද රැකියාවක් ලබාගන්නේ? දරුවා ඉස්කෝලෙට දාගන්නේ... මාරුවීමක් හදාගන්නේ... කොටින්ම මහපාරේ වැරදිකාර පොලීසියෙන් බේරෙන්නේ...