
(අංජුල මහික වීරරත්න)
වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුණ්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය අජන්ත ද සිල්වා හා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ.
සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව ද විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනා 1) වාර්ෂික වී අස්වැන්නෙන් 25% රජය මගින් හෝ රාජ්‍ය බැංකු ණය ඇපමත පුද්ගලික අංශමගින් හෝ රැස්කර මධ්‍යම හා සුළුපරිමාණ මෝල් වෙත ලබාදෙන්න. යෝජනා 2) කෘෂිකර්මයට අදාල රජයේ සේවකයින් 80%ක් ඉවත්කර, එම පුනරාවර්තන වියදම් ගොවියන්ගේ කෘෂි උපකරණ සහ විශ්‍රාම වැටුප්වලට යොදන්න. යෝජනා 3) කෘෂි සහනාධාර මුදල් ලෙස ගොවියන්ට ලබාදෙන්න. යෝජනා 4) 50%ක් පොහොර රජය මගින් ගෙන්වා පුද්ගලික වෙළඳුන්ට බෙදාහරින්න. යෝජනා 5) කෘෂි රසායන ප්‍රමිතිය පරීක්ෂා කිරීමට උසස් තාක්ෂණික විද්‍යාගාරයක් පේරාදෙණිය වි.වි අනුබද්ධව පිහිටුවන්න. යෝජනා 6) කෘෂි විද්‍යාව සහ කෘෂි සාහිත්‍ය වෙනම විෂයන් දෙකක් ලෙස මාධ්‍යගත කරන්න.
වැඩේ හරියට කෙරුණොත් හොඳයි. හැබැයි ආණ්ඩු මාරු වෙනකොට ගසාකන්න විදි හොයන්න, ප්‍රතිපත්ති මාරු වෙනවා නම් ඒකටත් අබ සරණයි...