(අංජුල මහික වීරරත්න)
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ අමාත්‍යවරයා මෙි බව කීය.
රජයන් වෙනස් වන විට හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බැවින් එම කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් සැකසූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
මෙහිදී ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ යෝජනා එම ඇමිණුමක් වශයෙන් ඇතුළත් කිරීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා විතරයි, වැඩ නැහැ...