
(අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
මැතිවරණ දිනයේ දී රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
රනිල් රාජපක්ෂ දේශබන්දුට තියෙන ආදරේ පේනවා... පතිනායක ලොක්කාව අඩුම තරමේ මුල් පුටු පේලියටවත් ගෙනැල්ලා නැති එකෙන්. ලැජ්ජා නැතිකම රනිල් රාජපක්ෂට වඩා ලොකුයි...!
රනිල්ගේ අන්තිම "ආරක්ෂක කවුන්සිලයේ" රැස්වීම...
රනිල්, දිනේෂ්, සාගරගේ අන්තිම රැස්වීම, ආයෙත් දකින්න නොලැබෙනවා. රට කාපු හැත්ත...!
ජනාධිපති අපේක්ෂකයෙක් නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න බැහැ කිව්ව ඔයා යන්න ඉස්සර වෙලා තව ගේමක් ගහන්න ට්‍රයි කරනවාද? පල්ලි වලට හෝටල්වලට බෝම්බ ගහන තුරු බලා හිටියා.. මෙයා කොහොමද රටේ ආරක්ෂාව සළසන්නේ. නිකම් විහිළු නොකර යන්න ලැහැස්ති වෙන්න සුදා...!
තව දවස් කීයද? මෙයා...!