
(මනෝප්‍රිය ගුණසේකර)
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීමට නියම කරනු ලැබූ රුපියල් දස ලක්ෂයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා අවසන් කළ බව ඒ මහතාගේ නීතිඥවරු අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
සිද්ධියට සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.
පෙත්සම පසුගිය මාර්තු මාසයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් නියම කරනු ලැබූ වන්දි මුදල වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් ගෙවා නොමැති බව අධිකරණයට දැනුම් දි තිබිණි.
ඒ පිළිබඳව විමසීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කර තිබිණී.
එහෙත් එදින එම නොතිසි නිකුත් කිරීමේ නියෝගය නිකුත් කර ස්වල්ප වෙලාවකින් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ වන්දි මුදල ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ කාර්යාලයේ වාර්තා පිරික්සීමේදී පෙනී යන බව දැනුම් දුන්නේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාද සිය සේවාදායකයා අදාළ වන්දි මුදල් ගෙවා ඇති බව තහවුරු කළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් අධිකරණය නියම කළ වන්දි මුදල තම සේවාදායකයා දැනටමත් ගෙවා අවසන් කර ඇති හෙයින් සිය සේවාදායකයා මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයේ හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නඩුවෙන් මුදා හැරීමට නියෝග කළේය.
COMMENTS
ලක්ෂ දහයක් සිරිසේනට කජු කන්නත් මදි ඇති මාසයකට, ගහන්න තිබුණේ බිලියන දහයක් විතර, එතකොට තමයි අනිත් අයත් පාඩම් ඉගෙන ගන්නේ...!
ඇයි නිදහස් බලය අයුතු ලෙස යොදාගැනීම ජීවිතාන්තය දක්වා හිරේට...
දඩේ මදි, ඒ මෑන්ව ගෙන්නවා දෙන්නත් කියන්න.
මෙතුමාට ගැලවුමක් ඇත්තේම නෑනේ. එකක් පස්සේ එකක්. දැන් හිතෙනවා අනේ මම හිටපු විදියටම හිටියා නම් කියලා. වැරැදි උපදෙස් නිසා වෙන්න ඇති. දැන් තනියම විඳවන්න වෙලා. පව් කියලා හිතෙනවා...!
අනිත් එක්කෙනා ළඟ එනවා...
ජූඩ් ශාමන්තව නිදහස් කරන්න ලැබුණු කොමිස් කුට්ටිය නම්... බිලියන ගණනක්ලු...
මිනීමරුවෙක් නිදහස් කළා නේද?
ගෝනවල සුනිල්ට ජේ ආර් මහතා නිදහස දුන්නේ රනිල් මහතාගේ ඉල්ලීම නිසා. ඒ කාලේ රජයේ අවසර ලත් මැරයෙක්...!
ලංකාවේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැකිව තිබියදීත්, මේ රටේ තරුණ හා බුද්ධිමත් ජනතාවගේ වටිනා චන්දයට නිග්‍රහ කල කුරිරු මෙන්ම නින්දිත මිනිසා... ඡන්දයක වටිනාකම වැදගත් බව අවබෝධ කර නොගෙන එය විහිළුවක් බවට පත්කළ අඥාන කවටයා... කෙලෙහි ගුණ නොදත් ගුණමකුවා... පාස්කු ප්‍රහාරය සිදුවෙන වෙන බව දැන දැනම එය වලක්වා නොගත් පාලකයා... මෙසේ වන්දි ගෙවා, කල පාපකර්ම වලින් මොහුට කිසිදා ගැලවිය නොහැකියි...2015 න් පසුව මේ රටේ පරිහානියට ඍජුවම වගකිව යුතු මේ පුද්ගලයා හරි නම්, සිටිය යුත්තේ සිර ගෙදරයි...
මිස්ටර් හිටන් මෙච්චර සල්ලි කන්දරාවක් (අපෙ පොකට්ටුවට සමානුපාතිකව) සුටුස් ගාල ගෙනැල්ලා දීපු විදියට , සක්කරයටවත් කරන්න බැහැ කියල මගේ ආච්චි සීයාට කියනවා...
මෙයා ජරාව අරන් වැරදි කරුවන් උන කට්ටියටත් ජනපති සමාව දීලා තියෙනවා. ඒවත් හොයන්න... ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ අනෙත් සියළුම දේවල් අල්ලන්න. එතකොට බිලියනයක් විතර ගෙවන්න වෙයි.
අපේ රතන හාමුදුරුවෝ කීයක් ගත්තාද දන්නේ නෑ. මිනීමරුවා මෙයාට කියලා නිදහස් කරවාගත්තාට. එයාට දඩයක් ගහන්නේ නැතෙයි.