
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධයක් නිසා රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිර මාර්ගය අවහිරවී ඇත.
විරෝධතාකරුවන් ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.
අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබලවේගයේ සාමාජිකයන් 26 දෙනකුට එරෙහිව එම තහනම් නියෝගය නිකුත් කළේය.
ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි චන්දෙ කල්දාල ජනතාවගෙ ප්‍රජා අයිතිය වලදාන මේ රජයෙ එම ක්‍රියාකලාපයට විරුද්දව කරන උද්ගෝෂන වලට මෙසේ තහංචි දැමිම.මෙය පාලකයාගෙ එකාධිපති ක්‍රියාකලාපයට අනුබලය දීමක් නොවේද?
අනේ මේ අපතයින්ට පාඩමක් උගන්නන්න බැරිද? රටේ විනාශයට මොවුන්ගේ දායකත්වය රාජපක්ෂ පවුලට වඩා වැඩියි....
1983 ජූලි සිදුවීමෙන් පසු උතුරේ ප්‍රශ්නය ඇති වූවා යැයි කියන අඳබාල නීතිඥ උන්නැහේත් මෙච්චර රස්නේ වෙලාවෙත් ටයි පොල්ලක් හිරකරගෙන පෙළපාලි යන හැටි නම් අපුලයි.
ඔබතුමන්ලා යමක් වාර්තාකරනකොට සොයලා බලලා වාර්තා කරන්න. ජාජබ විරොධතාව ඉතා සාමකාමීව මාර්ගය දෙපස වාහන ගමනාගමනයට අවහිරයක් නොවණ පරිදි පැවැත්වුණා. නමුත් පොලිසිය අනවශ්‍ය ලෙස මාර්ග බාධක යොදමින්, ජල ප්‍රහාරක රථ හරස් කරමින් මගීන් අවහිර වන ලෙස හැසිරුණා. කොටින්ම පොලිසිය නිසා වාහනවල ගිය අයට උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තිබුණේ. ජ්‍යෙෂ්ඨ නිලධාරින් ආවරණ යටට වී දෙන අණ කණිෂ්ඨ නිලධාරින් වැස්සේ තෙමෙමින් ක්‍රියාත්මක කළේ. නිවෙස්වලට යන පදිකයින්ට පවා නිලධාරින් නිසා බාධා වුණා...
මෙතැන ඉන්න ගොබ්බයින් රට කොමියුනිස්ට් කරන්න ද ඉල්ලන්නේ? ඔබලා කියන විදිහට මෙරට පාලනය කරන්නේ නැහැ. අපි ඔබලාට ඡන්දෙ දෙන්නෙත් නැහැ...
ඔය උද්ඝෝෂණයට මමත් සහභාගී වුණා. වාහනවලට අවහිර නොකර සාමකාමී උද්ඝෝෂණයක් තිබුනේ. ඒක ජනතාවගේ අයිතිය... ජල ටැංකි රථ සහ පොලිස් රථ වලින්නම් පාර පොඩ්ඩක් බ්ලොක් වුණා...
උද්ඝෝෂණයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ජෙප්පන්ට බලය ලබා දෙන්නද? රුසියාවටත් එපා වෙච්චි කාල්මාක්ස් ගොයියාගේ රූපේ උස්සන් ගියේ නැද්ද? පළාත් පාලන ඡන්දෙ දින්නා කියලා මොවුන්ට රට පාලනය කරන්න ලැබෙනවද? මුළු රටේම ඉන්න මිනිස්සු ජෙප්පන්ට කැමැති නැහැ. අපි මේ හැත්තට ඡන්දෙ දෙන්නේ නැහැ. අපි ඡන්දෙ දෙන්නේ නැතිනම් මොවුන් දිනන්නේ නැහැ...