
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
01. බිමල් රත්නායක ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
02. මහාචාර්ය වසන්තා සුභසිංහ කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
03. ආචාර්ය අනුර කරුණාතිලක කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
04. මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
05. එරංග උදේශ් වීරරත්න සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
06. අරුණ ජයසේකර විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී
07. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
08. ජනිත රුවන් කොඩිතුවක්කු නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
09. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
10. රාමලිංගම් චන්ද්‍රසේකර් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
11. වෛද්‍ය නජිත් ඉන්දික සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
12. සුගත් තිලකරත්න - ඔලිම්පික් ක්‍රීඩක
13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
14. සුනිල් කුමාර ගමගේ වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති, ආර්ථික කවුන්සිල සාමාජික
15. ගාමිණී රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
17. සුගත් වසන්ත ද සිල්වා සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
18. කීර්ති වැලිසරගේ සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
19. චමිලා කුමුදු පීරිස් - ප්‍රවීන රංගන ශිල්පිනී
20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම් එමරල්ඩ් පුද්ගලික සමාගමේ කළමානාකරණ අධ්‍යක්ෂ
21. රංජන් ජයලාල් පෙරේරා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම් ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
23. ක්ලොමට් මාර්ටින් නෙල්සන් ප්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක්‍රියාකාරික
24. රොමේෂ් මොහාන් ද මැල් - සමාගම් අධ්‍යක්ෂ
25. බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රී - සමාගම් අධ්‍යක්ෂ
26. පුබුදු නුවන් සමරවීර පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඕස්ටේ්‍රලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
27. සරත් ලාල් පෙරේරා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
28. අනුර හෙට්ටිගොඩ ගමගේ ගණකාධිකාරී, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
29. හේමතිලක ගමගේ - මාධ්‍යවේදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මුහුණු සහ හොඳ ප්‍රවණතාවයක්. තමුන් නොව රට ගැන පළමුව සිතන්න. අපිට වැදගත් වැඩ.
මාලිමාවේ අයත් ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ! පවුල්වාදය දේශපාලනයෙන් තුරන් කරනවා කිව්වාට උනුත් එකයි, මුනුත් එකයි, නිහාල් අබේසිංහ තාත්තා ගම්පහින් ඡන්දේ ඉල්ලනකොට, එගේ පුතා චරිත් අබේසිංහ කොළඹින් ඡන්දේ ඉල්ලනවා! නිහාලුයි මාලිමාවයි දන්නේ නැද්ද දන්නැහැ, චරිත් කියන්නේ නිහාල්ගේ පුතා කියලා !