
(තිලකරත්න දිසානායක.)
"ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැලැක්වීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහය පරදවමු " යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18) සවස ගම්පහ දුම්රියස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ , රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලා සිටින මුද්‍රණාලයේ ආරක්ෂාව පිනිස පොලිස් නිලධාරීන් ලබාදීම සිදු නොකරන්නේ නම් මාලිමාවේ 10 දෙනෙකු පැමිණ මුද්‍රණාලය ඉදිරිපිට උපවාසයක් ඇරඹිය හැකි බවත් එවිට පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් අවශ්‍ය ආරක්ෂාව මුද්‍රණාලයට ලැබෙනු ඇති බවය.
හෙතෙම තව ද ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන මැතිවරණ සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍යාංශයට නොහැකි නම් ජාතික ජනබල වේගය විසින් දේශීය හා විදේශීය හිතවතුන් සමග එක්ව අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාදීමට සූදානම් බවත් ලෝකය පුරා ජනතාව රුපියල් කෝටි ගණනින් එවීමට සූදානමින් සිටින බවත්ය.
මෙම අවස්ථාවට ජාතික ජනබල වේගය විධායක සභික මහින්ද ජයසිංහ , හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල යන මහත්වරුන්ද පළාත් පාලන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් විදියට අපිත් දායකත්වය දෙනවා. තව අවුරුදු 2ක් විඳවන්න අමාරුයි.
අපි වසර 75ක් රැවටුණා. මේ පාර අපි මාලිමාවට... !
මේ උන්දැලාම නේද 2015 - 2019 කාලේ ඡන්ද නොතියන කොට මීක් නැතුව හිටියේ... ජවිපෙ කොයි දේටත් එහෙයි කියන දායක සභාවට කෙසේවෙතත් අපට නම් ඒවා හොඳට මතකයි...
ඔය උද්ඝෝෂණ කරන කවුරුවත් ජෙප්පන්ගෙන් අහන්නේ නැහැ.. ඔබලා බලයට ආවොත් විදුලි ගාස්තු, වතුර ගාස්තු, බෙහෙත් මිල, ඉන්ධන මිල ගණන්වලට අඩුකරනවද කියලා? ජෙප්පෝත් ඒ පොරොන්දුව දෙන්නේ නැහැ. ජෙප්පන්ටත් ඒක කරන්න බැහැ. පාරේ කෑගහලා ගෙදර යන්න. රනිල් ඔය උද්ඝෝෂණ ගණන් ගන්නේ නැහැ.
ජවිපෙ පක්ෂ අරමුදලෙන් දෙන්න පුළුවන්නේ... ලංකාවේ පොහොසත්ම පක්ෂය බිලියන 8කට වඩා තියෙනවා. ඒකෙන් බිලියනයක් දුන්නා නම් හරි. මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දය පවත්වාගෙන යන්න. අනික ඔබලාම කියන විදියට ඔබලා 80%ක් ලබා ජයග්‍රහණය කරනවා කියලා. එහෙම නම් බිලියන 8න් බිලියනයක් මැතිවරණය පවත්වන්න වියදම් කළාට පාඩුවක් වෙන්නේ නැහැ... මොකද ජවිපෙ ඉතිහාසය තුළ ලබන විශාලතම ජයග්‍රහණය නිසා...