(යොහාන් භාසුර)

ජීවින වියදම අඛණ්ඩව ඉහළ යෑමට විරෝධය දක්වමින් ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වට රවුම අසළ (පොල්දූව වටරවුම) පැවැත්වූ විරෝධතාවට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේය.

එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)