(විමුක්ති එස් රුද්‍රිගු)
සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඇය චන්ද්‍රශේකර්ගෙන් අඛණ්ඩව මූල්‍ය වරප්‍රසාද භුක්ති විඳ ඇති බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ චෝදනා පත්‍රයේ සඳහන් වන බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය.
මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රශ්න කිරීමට එළඹෙන 12 වෙනිදා දිල්ලි පොලිසියේ පෙනී සිටින්නැයි සහ විශුද්ධිකරණ නඩුවට අදාලව එළඹෙන 26 වෙනිදා දිල්ලි අධිකරණයේ පෙනී සිටින්නැයි පවසමින් ජැකලීන් ෆර්නැන්ඩස් හට නොතීසි යවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව මෙන්ම ලීනා මරියා පෝල් චන්ද්‍රශේකර්ගේ බිරිඳ බවද ජැකලීන් ෆර්නැන්ඩස් දැන සිටි බව චෝදනා පත්‍රයේ සඳහන් වන බව පැවසෙයි.
මෙම සියලු කරුණු නොසලකා හරිමින් සුකේෂ් චන්ද්‍රශේකර් සමඟ සබඳතාවය දිගටම පවත්වා ඇති අතර ඔහුගෙන් ලැබුණු වරප්‍රසාද භුක්ති විඳ ඇති බවද ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය පවසා තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධව ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
231
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජැකලීන්ට නොතීසි
පිටිගල මිලානෝ Friday, 02 September 2022 05:01 PM
ලොව පරණම වෘත්තීය සමහරු කරන්නේ අමුතුම විදියකට.
randil Saturday, 03 September 2022 09:46 AM
ඉන්දියාවේ ශ්‍රී ලාංකික අභිමානය කිව්වා නේද? මේ ගෑණු සල්ලි වලට ඕන දෙයක් කරයි.