
(තිස්ස කොටින්කඩුව සහ ප්‍රසංග පෙරේරා)
පොලිස් අත්අඩංගුවෙන් පලායාමට ජාඇළ ඇළට පැන්න සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන සැඩ පහරට අසුව අතුරුදහන්වු ජාඇළ පොලිසියේ කොස්තාපල් ක්‍රිෂ්ණමුර්ති පිරිදාපන් (99033) මහතාගේ සිරුර අද(24) සවස මීගමුව කලපුවේ සේදවත්ත ප්‍රදේශයේදී නාවික හමුදාවේ කිමිදුම් කරුවන් සොයා ගත් බව පමුණුගම පොලිසිය පවසයි.
පමුනුගම සේදවත්ත කලපුව නමින් හදුන්වන මෙම කලපුව කෙලින්ම සම්බන්ධව ඇත්තේ මීගමුව කලපුවටය.
වැලිසර නාවික හමුදා කදවුරේ කිමිදුම් අංශයේ නිලධාරින්,කැළණි කොට්ඨාසයේ පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරින් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් ජීවිත ආරක්ෂ කිමිදුම් නිලධාරින් පිරිසක් අතුරුදහන්ව සිටි පොලිස් නිලධාරියා සොයා ඊයේ දිනට සිට ජාඇළ ඇළේ සිට මීගමුව මෝයකට දක්වා සෝදිසි කිරීමේ මෙහෙයුම් දියත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරීය දේවකාරිය කරගන්න මේ නිර්භීත පොලිස් නිලධාරීයාට උසස් වීමක් ලබාදී කළ සේවය අගය කරන්න.
මුළු රාජ්‍ය සේවයටම ආදර්ශයක්, රාජ්‍ය සේවයට කැපවූ නිලධාරියෙක්... තම ජීවිතය ගැන නොතකා තම රාජකාරිය වෙනුවෙන් ජීවිතය පූජාකළා...
මොහුට රජයේ ගෞරව සහිතව අවසන් කටයුතු කරන්නේ...